×

බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළට, ජනතාව නොසන්සුන්!

මෙකී වාතාවරණය තුළ පුද්ගලයින් 40,279 ක් වෛරසය සඳහා පරීක්ෂා කරවා ඇති අතර, 38,907 ක් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කර ගෙන තිබේ. 


ඊයේ (16) දින පමණක් බ්‍රිතාන්‍යයේ COVID 19 තත්වය මත පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.

මේ අනුව එරට මියගිය සමස්ත සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් තිබේ. එය පැය 24ක් ඇතුලත වාර්තා වූ ඉහළම මරණ ප්‍රමාණය ලෙස සැලකේ.

වාර්තා ගත මරණ අතුරින් 34 ක් ම එංගලන්තයේ වන අතර 1ක් ස්කොට්ලන්තයේ වේ.

ඊයේ දින මරණයට පත්වූ 14 දෙනාම එංගලන්තයෙන් වාර්තා වූ බවත්, වයස අවුරුදු 59 – 94 අතර පසුවූවවන් බවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදී.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා ආශ්‍රිත මරණ වල විශේෂත්වයක් වූයේ සියළුම පුද්ගලයින් අවුරුදු 60 ට ඉහළ පුද්ගලයින් වීමයි.

ඒ අනුව ඊයේ දින මරණයට පත්වූ 59 හැවිරිදි පුද්ගලයා ලාබාලතම පුද්ගලයා සේ සැලකේ.

ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යය තුළ කොරෝනා ආසාදිත පුද්ගලයින් 232 වාර්තා වී ඇති අතර ආසාදිත වූ සමස්ත සංඛ්‍යාව 1372 දක්වා ඉහළ ගොස් ඇති බව ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරයි.

මෙකී වාතාවරණය තුළ පුද්ගලයින් 40,279 ක් වෛරසය සඳහා පරීක්ෂා කරවා ඇති අතර, 38,907 ක් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කර ගෙන තිබේ.

මීට ඉහත දී එරට සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් මහතා අවධාරණය කර සිටියේ වයස අවුරුදු 70ට ඉහළ වියපත් වෛරස අවදානම නිසා ප්‍රජාව සිය නිවෙස් වල රැඳී සිටීමට කටයුතු කළ යුතු බවයි.

මතුව ඇති තත්වය හමුවේ එරට රෝහල් මුහුණ පා ඇති අර්බුදය සමනය කිරීමට නම් සමස්ත බ්‍රිතාන්‍යය තුළම වාතාශ්‍රය මීට වඩා “බොහෝ පුළුල් විය යුතු” බවට හෙතෙම අවධාරණය කළේය.

ස්කොට්ලන්තය විසින් මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමට අද (16) දින සිට කටයුතු කරනු ඇත.

බ්‍රිතාන්‍යය තුළ පිරිස 500 ඉක්මවූ මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමට පියවර ගනු ඇති බවට ප්‍රකාශ කර සිටියද එය ක්‍රියාත්මක කරන්නේ ද යන්න රජය තවමත් පැහැදිලිව සඳහන් කර නැත.

කොරෝනා වසංගත තත්වය සමඟ රෝගීන් හට ප්‍රතිකාර කිරීම හා රට තුළ මතුව ඇති අර්බුදය හමුවේ පෞද්ගලික රෝහල් වලින් ඇඳන් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ එරට රජය මේ වන විට සාක්ච්ඡා කරමින් පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි