×

යුද ගිනි මැද බොරිස් ජොන්සන් කියුව් අගනුවරට

තමාගේ පාලන සමයේ මෙන්ම රුසියාව පරාජය කිරීමට ඕනෑම සහයෝගයක් ලබාදීමට බ්‍රිතාන්‍යය තවදුරටත් සූදානම් බව බොරිස් ජොන්සන් විසින් වොලොදිමිර් සෙලෙන්ස්කි වෙත පවසා ඇත.


රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් හානිවූ ප්‍රදේශ මෙන්ම, රුසියානු හමුදා මේ වන විට පසුබැස ඇති ප්‍රදේශයන් හි බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සංචාරකයක නිරත වී ඇත.

හිටපු අග්‍රාමාත්‍යවරයාව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි විසින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී “රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අසමත් වන්නේ නම් එය යුක්‍රේනයට පමණක් නොව මුළු ලෝකයටම හොඳ කාලයක් වනු ඇති” බවට එම සංචාරයේ දී බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිදුකළ ප්‍රකාශය මේ වන විට ලොව පුරා දැඩි කතාබහට ලක්ව ඇත.

තමාගේ පාලන සමයේ මෙන්ම රුසියාව පරාජය කිරීමට ඕනෑම සහයෝගයක් ලබාදීමට බ්‍රිතාන්‍යය තවදුරටත් සූදානම් බව ද බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි වෙත පවසා ඇත.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි