×

එංගලන්තයෙන් ඔමික්‍රෝන් ආශ්‍රිත පළමු මරණය වාර්තා වෙයි!

කොවිඩ් වෛරසයේ විකෘතියක් මත හටගත් ඔමික්‍රෝන් නම් ප්‍රභේදය ආසාදනය වීම මත එක්සත් රාජධානියේ හටගත් පළමු මරණය වාර්තා වී තිබේ.


එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබේ.

ඔමික්‍රෝන් ව්‍යාප්තිය මත එරට ජනතාවට මේ මොහොතේ අනුගමනය කළ හැකි ඉහළතම ක්‍රියාමාර්ගය වන්නේ කොවිඩ් වෛරසයට එරෙහි ද්විත්ව එන්නත් මාත්‍රා වලට අමතරව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම බව ද හෙතෙම පෙන්වා දෙයි.

මීට ඉහත නව ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිරෝධී වීමට එන්නත්කරණයේ මාත්‍රා දෙක ප්‍රමාණවත් නොවන බවත්, බූස්ටර් එන්නත ලබා ගැනීම හරහා සියයට 70 – 75 කින් පමණ හෝ පාලනය කර ගත හැකි බවත් එරට බලධාරීන් ප්‍රකාශ කර තිබිණි.

ඡායාරූප: ගෙටී ඉමේජස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි