×

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය යුදෙව් විරෝධී ක්‍රියා මර්දනයට වෙබ් අඩවියක් එළිදක්වයි!

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය තම පාක්ෂිකයන් හා සාමාජිකයන් ඉලක්ක කොට ගෙන එල්ල වන යුදෙව් විරෝධී ක්‍රියා මර්දනය කිරීම සඳහා නව වෙබ්අඩවියක් එළිදක්වා ඇති බවට වාර්තා වෙයි.


බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය තම පාක්ෂිකයන් හා සාමාජිකයන් ඉලක්ක කොට ගෙන එල්ල වන යුදෙව් විරෝධී ක්‍රියා මර්දනය කිරීම සඳහා නව වෙබ්අඩවියක් එළිදක්වා ඇති බවට වාර්තා වෙයි. 

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝර්බින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ තම පක්ෂය යුදෙව් විරෝධී ක්‍රියා වලින් බොහෝ කලක පටන් බැට කෑ බවත්, එය මර්දනය කිරීම සඳහා මෙම වෙබ්අඩවිය එළි දැක්වූ බවත් ය. 

මෙම නව වෙබ්අඩවියේ මුල් පිටුවේ එරට කම්කරු පක්ෂ නායක කෝර්බින් 2018 වර්ෂයේ අගෝස්තු මස තම පක්ෂය තුළ සිටිනා යුදෙව් ප්‍රජාව ඉලක්ක කොට ගෙන සිදුවූ පහර දීම් පිළිබඳ සිදුකළ කතාවක් ඇතුලත් වීඩියෝ පටයක් ද තිරගත වේ. 

මෙම වෙබ්අඩවිය නම් කොට ඇත්තේ, “No Place For Antisemitism” (යුදෙව් විරෝධී ක්‍රියා වලට ඉඩ නොතබමු) යනුවෙනි. මෙමඟින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය තුළ සාමාජිකයන් හට යුදෙව් විරෝධී ක්‍රියා මර්දනය කිරීමට අවශ්‍ය මෙවලම් සපයා දීම එම පක්ෂයේ නායක කෝර්බින් ගේ අපේක්ෂාව බව වාර්තා වේ.   



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි