×

දශක පහක පක්ෂ සාමාජිකත්වය ඉවත ලා එල්මන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයෙන් ඉවතට!

යුදෙව් විරෝධී කෝබින් අගමැති වනු දැකීම මා හට දරා ගන්න බෑ.. ඒ නිසා මා ඉවත් වීමට තීරණය කළා, ලූයිස් එල්මන් පවසා සිටියාය.


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලූයිස් එල්මන් තම පනස් පස් වසරක පක්ෂ සාමාජිකත්වය හැරදා කම්කරු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

තමා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයෙන් ඉවත් වන බවට ඉකුත් බදාදා (16) දින ට්විටර් පණිවුඩයක් මඟින් නිවේදනය කළ ලූයිස් එල්මන් පවසා සිටියේ විපක්ෂ නායක ජෙරමි කෝබින් අග්‍රාමාත්‍ය තනතුරට පත්කිරීම සඳහා කම්කරු පක්ෂය ගන්නා අවදානම තමාට දරා ගත නොහැකි බවයි. 

1997 වර්ෂයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලූයිස් එල්මන් කම්කරු පක්ෂයෙන් ඉවත් වූවද ලිවර්පූල් රිවර්සයිඩ් හි වසන තම ජනතාව වෙනුවෙන් සදා කැපවී සිටින බවත් තම ට්විටර් පණිවුඩය හරහා අවධාරණය කර සිටියාය.

එමෙන්ම වෙනත් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවන බවද ඈ පවසා සිටියාය.

මීට අමතරව කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ගේ යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය පිළිබඳවද ඈ විවේචනය කොට සිටියාය. බොහෝකලක පටන් කම්කරු පක්ෂය තුළ යුදෙව් විරෝධී ක්‍රියාකලාපයන් සිදුවූ බවත්, එමඟින් කම්කරු පාක්ෂික යුදෙව් ප්‍රජාව හට වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් බොහොමයක් සිදුවූ බවත්, එවාට කෝබින් වගකිව යුතු බවත් ඈ පවසා සිටියාය.

ලූයිස් එල්මන් යනු බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ සිටි පැරණිතම හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවකි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි