×

බ්‍රිතාන්‍ය විපක්ෂ කම්කරු නායක ශ්‍රීමත් කියර් ස්ටාර්මර්ටත් කොවිඩ්!

බ්‍රිතාන්‍ය විපක්ෂ කම්කරු පක්ෂ නායක ශ්‍රීමත් කියර් ස්ටාමර් මහතා ට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වේ.


මේ බව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මාධ්‍යප්‍රකාශකවරයකු විසින් අද (27) දින තහවුරු කර තිබේ.

ස්ටාමර් මහතා නිරෝධානයේ පසුවන බැවින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා වෙත සතිපතා යොමුකරන ප්‍රශ්න සැසිවාරයේදී ස්ටාමර් වෙනුවට ඔහුගේ පක්ෂයේ ව්‍යාපාරික ප්‍රකාශක එඩ් මිලිබෑන්ඩ් ඉදිරිපත් වනු ඇති බව පාර්ලිමේන්තු කතානායක ලින්ඩ්සේ හොයිල් මහතා පැවසීය.

මේ අතර, ගතවූ දින 28 තුළ බ්‍රිතාන්‍යය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 43,941 සහ මරණ 207 වාර්තා වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි