×

බ්‍රිතාන්‍ය අගමැතිනිය ”තෙරේසා මේ” සිය ධූරයට ආයුබෝවන් කියන්නට සැරසෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ධූර හෙබවූ ඇය විසින් පසු ගිය සමයේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සැළසුම තෙවරක්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් විය.


එළැඹෙන ජූනි මස 7 වන දින සිට තමන් මහා බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කරනු ලැබුවාය.

හැගීම් බර ලෙස සිය ඉල්ලා අස්වීම පිලීබදව ප්‍රකාශයක් නිකුත් කළ ඈ තමන් බ්‍රිතාන්‍යයේ අගමැතිනිය ලෙස ධූර දරන්නට ලැබීම ජීවිතයේ ලද ගෞරවයක් ලෙස සළකන බව ප්‍රකාශ කළාය.
බ්‍රිතාන්‍යයට නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සදහා අවස්ථාව සළසමින් තමන් මෙම තීරණය ගත් බව ඈ ප්‍රකාශ කළාය. https://www.bbc.com/news/live/uk-politics-48394091
ඒ අනුව කොන්සවේටිව් පක්ෂයේ නායකත්වය සදහා සුදුස්සකු තෝරා පත් කරන තෙක් අගමැති ධූරයේ තමන් කටයුතු කරනු ඇති බවද ඇය සිය ප්‍රකාශනයේ සදහන් කළාය.

බ්‍රිතාන්‍යයේ දෙවන කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ධූර හෙබවූ ඇය විසින් පසු ගිය සමයේ ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් සැළසුම තෙවරක්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් විය. යුරෝපා සංගමයෙන් ඉවත්ව බ්‍රිතාන්‍ය වෙනම රටක් ලෙස කටයුතු කරගෙන යෑමට අවශ්‍ය යෝජනාවන් ඈ විසින් දිගින් දිගටම ගෙන ආවාය.

බ්‍රිතාන්‍ය විදේශීය ලේකම් ජෙරෙමි හන්ට් ඈ පිළිබදව පැවසුවේ ඇය සැබවින්ම මහජන සේවිකාවක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි