×

බ්‍රිතාන්‍යය ජුවාන් ගයිදෝ වෙනිසියුලාවේ ජනපති ලෙස ‘සැකයෙන් තොරව’ පිළිගනියි

මෙම රත්‍රන් වෙනිසියුලාවට අයත් වන අතර, එරට කඩා වැටුණු ආර්ථිකය මධ්‍යයේ ස්වයං භුක්තිය සඳහා පාලකයන් විසින් බ්‍රිතාන්‍යයේ තැන්පත් කර තිබෙන බවට චෝදනා ලැබ තිබේ.


වෙනිසියුලාවේ ජනපතිධුරය පිලිබඳ පැවති අර්බුදකාරී තත්වය හමුවේ ජුවන් ගයිදෝ යනු එරට අන්තර්වාරික හා ව්‍යවස්ථානුකූල ජනාධිපති බවට එක්සත් රාජධානිය විසින් පිළිගෙන තිබේ.

එංගලන්ත බැංකුවේ (Bank of England) සුරක්ෂිතගාරයක තැන්පත් කර තිබූ පවුම් මිලියන 800 වටිනා රත්‍රන් පිලිබඳ පැවති නඩු තීන්දුවකදී එක්සත් රාජධානිය පවසා තිබෙන්නේ වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගයිදෝ එරට ජනාධිපති ලෙස “සැකෙන් ඔබ්බට” පිළිගන්නා බවයි.

ඉකුත් ජනවාරි මස නිකොලස් මදුරෝ වෙනිසියුලාවේ ජනපති ලෙස ආන්දෝලනාත්මක දෙවන ධුරයක් සඳහා දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ නායකයා තමා බව ගයිඩෝ මහතා ස්වයං ප්‍රකාශයක් සිදු කළේය.

වෙනිසියුලාවේ කඩාවැටුණු ආර්ථිකය මධ්‍යයේ කොවිඩ් වසංගතය පැමිණීම තුළ ගෝලීය බොරතෙල් මිළ පහත වැටීම හා නිරෝධායන කටයුතු වලට අරමුදල් වෙන්කිරීම යන කාරණා නිසා නිකොලස් මදුරෝ විසින් තවදුරටත් එරට ආර්ථිකය අගාදයට ඇද දමන තත්වයට පත්කළ බවට චෝදනා ලබා සිටියේය.

මීට අමතරව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය ඇතුළු බොහෝ රාජ්‍යයන් මදුරෝ වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනපතිවරයකු බවට පිළිගන්නේ නැත.

වෙනිසියුලාවේ මහ බැංකුව විසින් එංගලන්තයේ තැන්පත් කර ඇති ඉහත සඳහන් රත්‍රන් ප්‍රමාණය එරට කොවිඩ් වසංගතයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් ලබාගැනීමේ අරගලයක නිරත වෙයි.

මෙම රත්‍රන් වෙනිසියුලාවට අයත් වන අතර, එරට කඩා වැටුණු ආර්ථිකය මධ්‍යයේ ස්වයං භුක්තිය සඳහා පාලකයන් විසින් බ්‍රිතාන්‍යයේ තැන්පත් කර තිබෙන බවට චෝදනා ලැබ තිබේ.

ඒ අනුව එම රත්‍රන් නැවත සිය රටට ලබා ගැනීම උදෙසා මෙම නඩුව ගොනු කර තිබේ.

මෙකී රත්‍රන් නැවත වෙනිසියුලාවට ලබා ගැනීම පිලිබඳ ගොනුවූ නඩුව ලන්ඩන් මහා අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු ටියරේ අවධාරණය කර සිටියේ ජුවන් ගයිදෝ යනු වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ අන්තර්වාර ජනාධිපතිවරයා බවට සිය රජය සැකෙන් ඔබ්බට පිළිගන්නා බවයි.

ඒ අනුව නිකොලොස් මදුරෝ වෙනිසියුලාවේ අන්තර්වාර හා ව්‍යවස්ථානුකූල ජනාධිපති ලෙස තම රජය පිළිනොගන්නා බවද හෙතෙම අවධාරණය කළේය.

මේ අනුව ඉහත කී රත්‍රන් නැවත වෙනිසියුලාවට ලබා ගැනීමට හැකිවේද යන්න ඉදිරියේදී තීරණය වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි