×

ගුවන්ගමනක් මැද යානයේ දොර විවෘත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කාන්තාවක් අත්අඩංගුවට

ගුවන් ගමනක අතරමැද ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට පසුගිය බදාදා වසර දෙකක සිර දඬුවමක් නියම විය.


ගුවන් ගමනක අතරමැද ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකට පසුගිය බදාදා වසර දෙකක සිර දඬුවමක් නියම විය.

26 හැවිරිදි ක්ලෝයි හේන්ස් 2019 ජුනි මාසයේදී ලන්ඩන් ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපලේ සිට තුර්කියේ ඩලමන් බලා පියාසර කරමින් සිටියදී මෙලෙසම ගුවන් යානයේ දොරක් විවෘත කිරීමට උත්සාහා කර අති අතර කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සහ සෙසු මගීන්ට ඇයව නවැත්වීමට සිදුව ඇත.

“හේන්ස් මහත්මියගේ හැසිරීම අප අත්විඳින කඩාකප්පල්කාරී මගී හැසිරීම් වල බරපතලම සිද්ධියක් වන අතර, ඇයට තවදුරටත් අප සමග පියාසර කිරීමට අවස්ථාව දිය නොහැකී” යනුවෙන් ජෙට් 2.කොම් සහ ජෙට් 2 හොලිඩේස් හි ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් හෙපී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම සිද්ධියෙන් පසු රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් නැවත ජෙට් යානය ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළ වෙත රැගෙන යන ලදී.

මෙසේ ගුවන් යානයේ දොර විවෘත කිරීමට උත්සාහ කරමින් හේන්ස් පවසා ඇත්තේ “මට මැරෙන්න ඕන” සහ “මම ඔබ සියල්ලන්ම මරන්නයි යන්නේ” කියාය. “ඇය හුදෙක් බීමත්ව සිටියේ නැත, ඇය සිටියේ අසනීපෙනි,” හේන්ස් මානසික සෞඛ්‍ය ගැටළු වලින් පෙළෙන බව ඇයගේ නීතීඥවරයා ප්‍රකාශ කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි