×

ලයිමන් නගරයත් අපි මුදවා ගත්තා: යුක්රේනය

"දයාබර යුක්රේන වැසියනි, අද දිනයේ යුක්රේන සන්නද්ධ හමුදා ඩොනෙට්ස්ක් කලාපයේ ලයිමන් නගරය මුදවා ගෙන පාලනය අයත්කර ගැනීමට සමත්වූවා!"


රුසියානු හමුදා පාලනයේ තිබී අතහැර දැමූ යුක්රේනයේ ලයිමන් නගරයේ පාලනය යළි යුක්රේන හමුදා විසින් අයත්කර ගත් බව එරට ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි ගේ නියෝජිතයකු වන කයිරිලෝ තයිමොෂෙන්කෝ මහතා නිකුත් කළ වීඩියෝපටයක් හරහා අනාවරණය වෙයි.

ඊයේ (01) දින තයිමොෂෙන්කෝ මහතා විසින් නිකුත් කළ වීඩියෝ පටයේ දැක්වෙන්නේ, යුක්රේන භටයකු විසින් යුක්රේන වැසියන් අමතමින් යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ ලයිමන් නගරයේ පාලනය යළි අයත්කර ගැනීමට සහ මුදවා ගැනීමට යුක්රේන හමුදා භට සමත් වූ බව පවසන අන්දමයි.

“දයාබර යුක්රේන වැසියනි, අද දිනයේ යුක්රේන සන්නද්ධ හමුදා ඩොනෙට්ස්ක් කලාපයේ ලයිමන් නගරය මුදවා ගෙන පාලනය අයත්කර ගැනීමට සමත්වූවා!”

එම වීඩියෝපටයේ සිටින හමුදා නිලධාරියා පවසයි.

මෙම වීඩියෝපටය මාධ්‍යයට මුදා හැරි තයිමොෂෙන්කෝ යනු යුක්රේන ජනාධිපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියෙකි. ලයිමන් යනු යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ යුධ උපායමාර්ගික නගරයක් වන අතර, යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය පවසා සිටියේ ලයිමන් නගරයේ සිටි රුසියානු භට ඛණ්ඩ “සෑම දෙනෙකුම පාහේ” හමුදා භාරයට ගෙන ඇති හෝ මරණයට පත්ව ඇති බවයි.

ඡායාරූප: ඒපී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි