×

යුක්රේනයේ නෝවා කකොව්කා වේල්ල බිඳ දැමූ බවට යුක්රේනය හා රුසියාව එකිනෙකාට චෝදනාකර ගනියි.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වාර්තා කර තිබුණේ, බ්‍රිතාන්‍යය විසින් යුක්රේනයට සපයන ලද Storm Shadow මිසයිල මගින් යුක්රේනය Kherson කලාපයට පහර දී ඇති බවත්, වේල්ලට සිදුවූ හානිය යුක්‍රේන ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් වන බවත්ය.


Kherson කලාපයේ රුසියාව විසින් පාලනය කරන කොටසෙහි නෝවා කකොව්කා වේල්ල විනාශ කිරීම සම්බන්ධයෙන් යුක්රේනය සහ රුසියාව එකිනෙකාට චෝදනා කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් Dnipro ගඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ පවතින ගංවතුර අවධානම හේතුවෙන් Dnipro ගඟේ දකුණු ඉවුරේ ගම්මාන කිහිපයකින් ඉවත් වීමට සූදානම් වන ලෙස යුක්රේන හමුදාව ජනතාවට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් නේටෝවේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ නෝවා කකොව්කා වේල්ල විනාශ කිරීම යුක්රේනයේ රුසියාවේ යුද්ධයේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කරන බවයි.

කෙසේ නමුත්, වේල්ලට පහරදීම පිළිබඳව රුසියාව දෙසට එල්ලවන චෝදනාවන් ඔවුන් ප්‍රතික්ෂප කරන අතර රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම විනාශය නිසා ගං ඉවුරේ පිහිටි කෘෂිකාර්මික කෙත්වතු සේදී ගොස් ඇති බවත්m නෝවා කකොව්කා නගරයේ ජල මට්ටම මීටර් 12 (අඩි 40) දක්වා ඉහළ යා හැකි බවත්ය.

එමෙන්ම මෙම ප්‍රරහාරය පිළිබඳව රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වාර්තා කර තිබුණේ, බ්‍රිතාන්‍යය විසින් යුක්රේනයට සපයන ලද Storm Shadow මිසයිල මගින් යුක්රේනය Kherson කලාපයට පහර දී ඇති බවත්, වේල්ලට සිදුවූ හානිය යුක්‍රේන ප්‍රහාර මාලාවක ප්‍රතිඵලයක් වන බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි