BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

යුක්රේනය, රුසියාවට විරුද්ධව යුධ අපරාධ නඩුවක් අරඹයි!

රුසියානු ආක්‍රමණය ආරම්භ වීමෙන් පසුව යුක්රේනය විසින් මුල පුරන පළමු යුධ අපරාධ නඩුව ඊයේ දිනයේ විභාගයට ගැනිණ.

ඒ අනුව කිව් අගනුවරදී මූලික නඩු විභාගයට ලක් කරනු ලැබුවේ වදීම් ශිෂිමාරින් නමැති රුසියානු සොල්දාදුවෙකි.

ඔහු 21 හැවිරිදි ය.

නිරායුධ සිවිල් වැසියෙකු ඝාතනය කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව නගා ඇත.

හොරකම් කළ වාහනයක නැගී අනෙක් සොල්දාදුවන් සමග යමින්, ඊශාන දිග සුමී පළාතේදී ජංගම දුරකථනයකින් කතා කරමින් මහ මග යන 62 හැවිරිදි පාපැදිකරුවෙකු ඔවුන් විසින් ඝාතනය කර තිබෙන බව කියැවේ.

අභිචෝදකයන්ට අනුව, සිය පිරිස අමතමින් ඔහු පාපැදිකරුවාට වෙඩි තබන ලෙසට නියෝග කර තිබේ.

ඒ, යුක්රේන පාර්ශවයට තමන් සිටින ස්ථානය මෙම පුද්ගලයාගෙන් ලැබෙන තොරතුරු මත සොයාගත හැකි වේ යැයි සැක කරමිනි.

වදීම් ව අල්ලාගත් ආකාරය සහ ඔහුට එරෙහිව පවතින සාක්ෂි තවම හෙලිදරව් වී නැත.

රුසියාව, තමන් සිවිල් වැසියන්ට පහර දුන් බව එක හෙළා ප්‍රතික්ෂේප කරන අතර, මෙම නඩු විභාගය පිළිබඳ මේ දක්වා අදහස් පළ කර නැත.

යුක්රේනය පවසා තිබෙන්නේ රුසියාව විසින් මෙම යුද්ධයේදී යුක්රේනයට විරුද්ධව සිදුකළ යුධ අපරාධ දහස් ගණනක් මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි.


යුරෝපයේ ලොකුම ප්‍රාසාංගික ගායනා තරගය – යූරෝවිෂන් තරගයේ ජය යුක්රේනයට

IMF ණය ගත්තත් – පාකිස්ථානයත් බංකොළොත් – ලංකාව ගැන කුමන කතා ද?

විජයග්‍රහණයේ සැමරුම දා ‘මනෝවිකෘති ඒකාධිපතියා’ යැයි පුටින්ගේ වෙබ් අඩවියක සඳහන් වීමේ ඇතුළත කතාව

ලොකු ගෑස් සිලින්ඩරයක් රුපියල් දාහක් වන නිසා ඉන්දියානුවන් දහස් ගණනක් මහ පාරට!

රුසියාව, ෆින්ලන්තයට ලයිට් කපයි!

ඊශ්‍රායල ප්‍රහාරයෙන් අල් ජසීරා මාධ්‍යවේදිනියක් මරුට! යුක්තිය ඉල්ලා අරගල!!

පාර්ටිගේට් බෝම්බයෙන් දෙදරායන දක්ෂිණාංශය සහ ලන්ඩනයේ දේශපාලන පෙරළිය

රටිනුත් එළවා දැමූ ඒකාධිපති මාකෝස්ගේ පුත්‍රයා පිලිපීන ජනතාව විසින්ම ජනපති පුටුවේ හිඳුවයි

error: Content is protected !!
error: Content is protected !!