×

යුක්රේනය උතුරු කොරියාව සමඟ තිබූ සබඳතා හකුලා ගනී!

යුක්රේනය උතුරු කොරියාව සමඟ තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දමා ඇති බව වාර්තා වේ.


මීට හේතුව වන්නේ, යුක්රේනයේ නැගෙනහිර කලාපයේ ප්‍රදේශයක් වෙනම රාජ්‍යයක් බවට උතුරු කොරියාව විසින් හඳුනා ගෙන තිබීමයි.

යුක්රේනයේ නැගෙනහිර කලාපයේ කැඩී ගිය ස්වයං ප්‍රකාශිත ජනරජ දෙකක් තිබෙන බවට උතුරු කොරියාව විසින් හඳුනා ගෙන ඇති අතර, යුක්රේනය ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කරන්නේ, උතුරු කොරියාවේ ප්යොන්යැන්ග් අගනුවර විසින් යුක්රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව හෑල්ලු කිරීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම මෙය යුක්රේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර නීතියේ මූලික කරුණු සහ ප්‍රතිපත්ති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව ද යුක්රේන විදේශ ආමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව බෙදුම්වාදයට උඩගෙඩි දෙන කිසිඳු ක්‍රියාවක් අනුමත නොකරන බව යුක්රේනය අවධාරණය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි