×

ප්‍රහසන නළුවෙකු ජනපති කරන්නට, යුක්රේන ජනතාව සැරසෙයි.

අපේක්ෂකයන් 39 දෙනෙකු මෙවර යුක්රේන ජනාධිපතිවරණය සඳහා තරග වැදුණහ


මෙයට වසර තුන හමාරකට පෙර යුක්රේනය පුරා ප්‍රචලිත වූ “Servant of the People” ටෙලි කථා මාලාවේ ප්‍රධාන රංග ශිල්පියා වූ වොලොඩිමිර් සෙලින්ස්කි මෙවර ජනපතිවරණයේ කැපී පෙනෙනම චරිතය බවට පත්වී ඇත.

දේශපාලන ක්ෂේත්‍රය තුළ කිසිදු අයුරක අත්දැකීමක් නැති වොලොඩිමිර් සෙලින්ස්කි යුක්රෙන ජනපතිවරණයේ පළමුවටයේදී 30.4% ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ඉදිරියෙන්ම සිටී.

සැබෑ ජීවිතය විසින් කලාව අනුකරණය කරන්නේද? ජනතා නායකයෙකු ලෙස රංගනයෙන් දායක වූ පුද්ගලයෙකුට සැබෑ ලෙසම රටේ ජනපති ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමිවීම පිළිබදව ඔහු පවසයි.

ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සැබවින්ම දේශපාලන ස්වරූපයක් නොගත් අතර එය අනෙක් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණයන්ගෙන් වෙනස් විය. දේශපාලන රැස්වීම් හෝ රැළි ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ නොවිණ. 41 හැවිරිදි වොලොඩිමිර් සෙලින්ස්කි ජනපති අපේක්ෂකයෙකු ලෙස ජනතාව ඉදිරියේ පොරෝන්දු හෝ කලකිරීමට හේතු ලබා දුන්නේද නැත. ඔහුගේ ප්‍රතිවාදියා වත්මන් ජනපති පෙට්රෝ පොරෝෂේන්කෝය. පළමු වටයේදී ඔහුට ලැබී ඇත්තේ 17.8% ප්‍රතිශතයක ඡන්ද ප්‍රමාණයක් පමණි.

අපේක්ෂකයන් 39 දෙනෙකු මෙවර යුක්රේන ජනාධිපතිවරණය සඳහා තරග වැදුණහ. කිසිවෙකුටත් 50 %ඉක්ම වූ ඡන්ද ප‍්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වීමහේතුවෙන් දෙවන වටයේ ඡන්ද විමසීම අප්‍රේල් 21 වනදා පැවැත්වීමට නියමිත සෙලිනෙස්කි මත සියල්ලන්ම බලාපොරොත්තු තබා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි