×

යුක්රේනයට පොරොන්දු වූ පරිදි සියලුම යුධ වාහන ලබා දුන් බව නේටෝහි මහලේකම් කියයි

මෙම ආයුධ රුසියානු හමුදාවන්ගෙන් නැවත යුක්රේන භූමිය අත්පත් කර ගැනීමට ශක්තිමත් සහයක් වනු ඇති බව අපේක්ෂා කෙරේ.


නේටෝ සාමාජික රටවල් විසින් යුක්රේනය සඳහා සන්නද්ධ වාහන 1,550 ක් සහ යුද ටැංකි 230 ක් ලබා දෙමින් නව යුක්රේන සන්නද්ධ බලකායන් නවයකට වඩා පුහුණු කර සන්නද්ධ කර ඇති බව නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ඊයේ(27)දිනයේදී මාධ්‍ය‌ වෙත ප්‍රකාශ කර ඇත.

ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය, චෙක් ජනරජය ආදී නේටෝ රටවල් රැසක් පොරොන්දු වූ පරිදි ගුවන් යානා නාශක පද්ධති සහ කාලතුවක්කු ආදී යුධ වාහන වලින් 98% මේ වන විට ලබා දී ඇති බව නේටෝ මහලේකම්වරයා තහවුරු කළ අතර මෙම ආයුධ රුසියානු හමුදාවන්ගෙන් නැවත යුක්රේන භූමිය අත්පත් කර ගැනීමට ශක්තිමත් සහයක් වනු ඇති බව අපේක්ෂා කෙරේ.

නේටෝ මහලේකම්වරයාගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ වසරකට පෙර රුසියාවේ ආක්‍රමණයෙන් පසු චීන ජනාධිපතිවරයා හා යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි දිගු හා අර්ථවත් දුරකතන සංවාදයක් පැවැත්වූ බව සඳහන් කර දිනකට පසුවය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි