×

යුක්රේන රෝහලක දී අලුත උපන් කිරිසප්පයෙක් තම ජීවිතයට සමු දෙයි!

Zaporizhzhia කලාපයේ මාතෘ ඒකකයකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් අලුත උපන් බිළිඳෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


යුක්රේනයේ දකුණු දිග Zaporizhzhia කලාපයේ මාතෘ ඒකකයකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් අලුත උපන් බිළිඳෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අවස්ථාවේ එම ස්ථානයේ සිටි එකම කාන්තාව වූ බිළිඳාගේ මව සහ වෛද්‍යවරයකු සුන්බුන් අතරෙන් මුදාගැනීමට සමත් විය.

මෙම භීෂණ හමුවේ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි රුසියාව තම රටට “භීෂණය සහ මිනීමැරුම්” ගෙන ආ බවට චෝදනා කළේ ය.

ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරයක් පිහිටා ඇති Zaporizhzhia කලාපය නැවත නැවතත් රුසියානු ප්‍රහාරවල අවධානමකට ලක්ව ඇත.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි