BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

රුසියාවට එරෙහි පළමු යුධ අපරාධ නඩුවේදී 21 හැවිරිදි සොල්දාදුවා සමාව අයැදිමින් ජීවිතාන්තය දක්වා හිරේට..

රුසියාවට එරෙහිව යුක්රේනය විසින් ගොනු කළ පළමු යුධ අපරාධ නඩුව පිළිබඳ මීට පෙර අප විසින් තොරතුරු ගෙනැවිත් ඇත.

ඒ, 21 හැවිරිදි රුසියානු සොල්දාදුවෙක් වන සාජන්ට් වදීම් ෂිෂිමරින් විසින් ඔලෙක්සැන්ඩර් ශිපිලොව් නමැති නිරායුධ සිවිල් වැසියෙකු වෙඩි තබා ඝාතනය කිරීමට හවුල් වීම හා එයට අණ ලබාදීම පිළිබඳ සිද්ධියයි.

සිය ජංගම දුරකථනයෙන් කතා කරමින් දුර බැහැර මාවතක පාපැදියෙන් යමින් සිටියදී සාජන්ට් වදීම් සහ ඔහුගේ කණ්ඩායම කිසිදු හේතුවක් නැතිව ඔහුට වෙඩි තබා තිබිණි.

පසුව සාජන්ට් වදීම් පැවසුවේ යුක්රේන පාර්ශවය ඔවුන් සිටින ස්ථානය දැන ගැනීමට ඉඩ ඇති නිසා මෙම වෙඩි තැබීම කරන ලෙස අණ කළ බවයි.

62 හැවිරිදි නිරායුධ සිවිල් වැසියා සිය පාපැදිය මතම මැරී වැටුණේය.

කෙසේ නමුත් පෙබරවාරි 28 දා හටගත් මෙම සිද්ධියට වදීම් අධිකරණයේදී වරද පිළිගත්තේය.

ඊයේ දිනයේ මෙම නඩුව අසනු ලැබුවේ යුක්රේනයේ කිව් අගනුවර දිසා අධිකරණයේදී ය.

62 හැවිරිදි නිරායුධ සිවිල් වැසියා ඝාතනයට තමන් වරදකරුද නිවැරදිකරු ද යැයි අධිකරණය ඔහුගෙන් ඇසුවේය.

එහිදී සාජන්ට් වදීම් තමන්ගේ වරද පිළිගත්තේය.

වරද පිළිගත් විට දඩයක් ගසා එළියට දැමීම හෝ අඩු දඬුවමක් නියම කිරීම ලංකාව වැනි රටවල අධිකරණ පරිචය වන නමුත්, මෙම හයි-ප්‍රොෆයිල් නඩුවේදී (යුක්රේන යුද්ධයේ පළමු යුධ අපරාධ නඩුවේදී) එය එසේ නොවිණි.

ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

අධිකරණයට පැමි සිටි සාජන්ට් වදීම් ෂිෂිමරන්ගේ හිස බිමට නැඹුරු වී තිබිණි.

අධිකරණ ශාලාවේ මිය ගිය සිවිල් වැසියාගේ වැන්දඹු බිරිඳ ද වූවාය.

ඔහු ඇගෙන් සමාව ඉල්ලූයේ මෙසේ කියමිනි.

”සිද්ධ වෙච්ච දේට මම සමාව ඉල්ලනවා. මම මේ දෝෂාරෝපණය භාරගන්නවා. මට සමාව දෙන්න..”

යුධ කාමීන්ට වචනයෙන් දෙන සමාව පිළිබඳ ලෝකය දැන් විශ්වාස කරන්නේ නැත.

එනිසා, සිය මුළු මහත් ජීවිතය පුරාම එහි පසුතැවිල්ල විඳවමින් විඳීමට 21 හැවිරිදි තරුණ සාජන්ට් ෂිෂිමරන්ට දැන් සිදුව තිබේ.

පුටින්ගේ උන්මත්තක යුධ කාමයට බිලි වූ තවත් එක් තරුණ ජීවිතයක කතාන්දරයයි, මේ.

පෙර ලිපිය

යුක්රේනය, රුසියාවට විරුද්ධව යුධ අපරාධ නඩුවක් අරඹයි!


චීනය හොඳයි, ඇමරිකාව හොඳා…යි, ඒත් චීනයේ බලපෑම් ගොඩා…යි! : බූවල්ලන්ගේ හටනකට මැදිවූ ලෝකය

න්‍යෂ්ඨික අවි ගැන ඇමරිකානු – ඉරාන සාකච්ඡා අසාර්ථකයි?

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය ඇවිලෙයි: ඉතිං මට ගානක් වත් නෑ නෙ.. බොරිස් ජොන්සන් කියයි!

ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමට විරෝධය පෑ තුර්කිය ඒ ගැන සාකච්ඡා කරන්න එකඟ වෙලා!

ත්‍රස්තවාදයට වරදකරු වූ ඇමරිකානු හමුදා සෙබලා – ඊතන් මෙල්සර්

ජනතාවට ආධාර කරන්න මූල්‍ය හැකියාවක් නැහැ. කරුණාකර ජාත්‍යන්තර සහය දෙන්න – තලෙයිබාන්වරු ඉල්ලයි

පුද්ගලයන් 1000කට මරු කැඳවූ ඇෆ්ගන් භූමිකම්පාව …

කොලොම්බියාවත් වමට නැඹුරුවෙයි.

error: Content is protected !!
error: Content is protected !!