2024 පැරිස් ඔලිම්පික් උළෙල වෙනුවෙන් රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්හට මධ්‍යස්ථව සහභාගී වීමට මාර්ගයක් ගවේෂණය කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විස්න ප්‍රකාශ කිරීමෙන් පසුව, යුක්රේනයේ ක්‍රීඩා අමාත්‍යවරයා Vadim Guttsait විසින් අනතුරු අඟවා තිබුණේ රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවහට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්නේ නම් යුක්රේනය 2024 ගිම්හාන ඔලිම්පික් උළෙල වර්ජනය කරන බව හා සහභාඟීවීම ප්‍රතික්ෂප කරන බවයි.
පෙබරවාරි 24 වන දින රුසියාව සිය ප්‍රහාරය දියත් කර දින කිහිපයකට පසු, රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ජාත්‍යන්තර ඉසව්වලින් බැහැර කරන ලෙස IOC ක්‍රීඩා පාලන ආයතන සහ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින්නට විය. නමුත් පසුගියදා IOC ආයතනය පැහැදිලි වෙනසක් සිදු කරමින්, දෙරටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මධ්‍යස්ථව ක්‍රීඩා ඉසව්වලට ඉදිරිපත් වීමේ හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවට IOC සිය විධායක මණ්ඩල රැස්වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පැරාඔලිම්පික් කමිටුව පවසා තිබුණේ IOC යෝජිත ක්‍රියාවලිය උනන්දුවෙන් අනුගමනය කරන බවයි. ඒ අනුව, පැරිස් ඔලිම්පික් උළෙල ලබන වසරේ ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම පණිවුඩය යුක්රේනයේ කලකිරීමට හේතු වී ඇති අතර සෙලෙන්ස්කි ප්‍රංශ ජනාධිපතිහට ප්‍රකාශ කර තිබුණේ ඔලිම්පික් උලළේ රුසියාවට තැනක් නොතිබිය යුතු බවයි. යුක්රේනයේ යුද්ධයක් පවතින තාක් රුසියානු සහ බෙලාරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරඟවලට සහභාගී නොවිය යුතු බව ප්‍රකාශ කළ යුක්රේන ක්‍රිඩා අමාත්‍යවරයා මේ වන විටත් තරඟ වර්ජනයක් සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සම්මේලන සමඟ සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බවද අනාවරණය වේ.
සශිකලා මධුෂාණී_