×

පිරිමින්ට තහනම් ගැහැණුන්ගේ නීති ඇති නගරය උමෝජාව.

බ්‍රිතාන්‍ය සෙබළුන් අතින් දූෂණය වූ කාන්තාවන් නිවසෙහි තබා ගැනීමට පවුලේ සාමාජිකයන් කිසිසේත් එකග නොවූහ. ඒ නිසාම ඔවුහු නිවසින් එළියට පැමිණියහ.



උතුරු කෙන්යාවේ උමෝජා ග්‍රාමය නයිරෝබි අගනගරයෙන් කිලෝ මීටර් 380ක් දුරින් පිහිටා ඇති සුන්දර ගම්මානයකි. දීර්ඝ ඉතිහාස කථාවකට උරුමකම් නොකියන මෙම ග්‍රාමය ආරම්භ වන්නේ 1990 වසරේදීය. ගැහැණුන් පමණක්ම වාසය කරන මෙම ග්‍රාමය පිරිමීන්ට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයකි.

1990 වසරේ උමෝජා ආරම්භ වන්නේ ඉතා දුක්බර හේතූන් කිහිපයක් මුල් කර ගනිමිනි. උමෝජාවේ අද වන විට ජීවත් වන ගැහැණුන් සැබවින්ම පිරිමින්ගේ ලෝකයෙන් වෙන් වී සිටීම තුල තමන් වඩාත් ආරක්ෂිත යැයි සිතන්නෝය.

බ්‍රිතාන්‍යයේ හමුදා සෙබළුන් විසින් දූෂණයට ලක්වූ කාන්තාවන් 15 දෙනෙකු විසින් මූලිකත්වය ගෙන මෙම ග්‍රාමය පිහිටුවන ලදී. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේ 1965 සිට 2001 දක්වා වසර 35ක කාලය තුළ බ්‍රිතාන්‍ය හුමුදා සෙබළුන් විසින් කෙන්යානු කාන්තාවන් 650 දෙනෙකු දූෂණයට ලක් කළ බවයි.

බ්‍රිතාන්‍ය සෙබළුන් අතින් දූෂණය වන වූ කාන්තාවන් නිවසෙහි තබා ගැනීමට පවුලේ සාමාජිකයන් කිසිසේත් එකග නොවූහ ඒ නිසාම ඔවුන් නිවසින් එළියට පැමිණියහ.
කාන්තාවන් 15 දෙනෙකුගෙන් එසේ ඇරඹුණ උමෝජාවට ක්‍රමයෙන් තවත් කාන්තාවන් ගලා ආවේ විවිධ අඩන් තේට්ම් හා තාඩන පීඩන දරා ගත නොහැකිවයි.

දුක් ගැනවිලි සහිත කාන්තාවන් ඕනෑම අයෙක් උමෝජාව විසින් සෙනෙහසින් භාර ගත්හ ඒ සහා ඔවුන්ට ආරාධනය කර සිටියහ. උමෝජාවට පැමිණි පසු ඔවුන්ට සියළු දුක් කරදර අමතකව යන්නේය. ඔවුන් තමන්ව වඩාත් හෝදින් තේරුම් ගත හැකි ලෝතකයක සතුටින් දිවි ගෙවන්නට පටන් ගන්නේය.
මෙවැනි නගරයක් බිහිවන්නට කෙන්යානු කාන්තාවගේ ජීවිත වල ඔවුන් මුහුණ දෙන දුක් ගැනවිලි ඉතාමත් විශාල හේතුවක් වන්නේය.

පිරිමින් අතින් දූසනයට ලක්වූ කාන්තාවන් පමණක් නොව , කාන්තාවන් වීම නිසා නිවෙස්වලින් අඩන්තේට්ටම් සිදුවන්නන්, නිවෙසේ සහ වැඩි හිටි පිරිමින්ගේ වුවමනාවන්ට අනුව කෙරෙන විවාහයන් පමණක් නොව කාන්තා වන්ගේ ප්‍රජනන අංග ඡේදනය උමෝජාවේ සාමාජිකාවක් ක්‍රමයෙන් වැඩි වන හේතූන්ගෙන් සමහරක් විය.

සමබාරු සංස්කෘතිය තුළ ප්‍රජනේන්ද්‍රිය ඡේදනය අනිවාර්යයකි. ගැහැණු දරුවන් වය අවුරු 15ක් වීමට පෙර ඔවුන්ගේ ප්‍රජනේන්ද්‍රි ඡේදනය කිරීම සිදු වන්නේය . එය අතිමහත් වේදනාවක් ගෙන දෙන කරුණක් වන අතර ඉන් කාන්තාවන් මුදවා ගැනීම උමෝජාවේ ගැහැණුන්ගේ අරමුණකි.

උමෝජාවේ දැරියන්ට එම දුක්බර සහ වේදනාත්මක අත්දැකීමට මුහුණ දෙන්නට අවශ්‍ය නැත‍

පිරිමි අතද දරුවන්ද සමග උමෝජාවට එන කාන්තාවන්ට එම පිරිම දරුවන් එහිද හදා වඩා ගත හැකිවුවත් නිසි වයස එළැමී විට ඔවුන්ව උමෝජාවෙන් පිටමං කිරීම අනිවාර්යයකි. ඒ හැරුණ විට කිසිදු අයුරකින් මෙහි පිරිමින්ට පැමිණීම තහනම් වන්නේය. සියල්ල තමන් විසින් ම කර ගන්නා ගැහැණු. ලී සහ ගොම යොදා නම කළ කුඩා නිවෙස් වල වාසය කරයි එවැනි නිවෙස් ගණනාවක් උමෝජාවේ ඇති අතර ඒවා මැන්යාටා නමින් හදුන්වයි.

මේ ගැහැණුන් සියලු දෙනාටම ජීවිත් වීමට අවශ්‍ය විය හියදම් සපයා ගන්නේ ආභරණ කර්මාන්තයේ යෙදෙමිනි. ඔවුන් සියල්ලන් විසින් මාල වළලු ඇදිය ආභරණ නිර්මාණයේ යෙදෙයි. ඉන්පසු ඔවුන් ඒවා වෙළපළට අලෙවි කරයි උමෝජාවේ කාන්තාවන්ගේ එකම ආදායම වන අතර ඔවුන්ගේ ජීවිතය නිසි අයුරින් පවත්වාගෙන යන්නට එමගින් ලැබෙන මුදල් සෑහෙන්නේය.

තමන් විකුණන සෑම ආභරණයකම මුදල් එකතු කර ඔවුන් සිය ගමේ නායිකාව වෙත ගෙන ගොස් දෙන්නෝය..

ඉන්පසු ඇය එන් එක් පවුලට අවශ්‍ය මුදල් වෙන් කරන්නීය එසේ කරන්නේ ඒ ඒ පවුලේ සිටින සාමාජිකයන් හා දරුවන් ගණන අනුවයි. තවත් මුදල් කොටසක් අධ්‍යාපන කටයුතු සහ තරුණ දැරියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙන් කරන්නෝය.

ආභරණ තනා උපයන මුදලට අමතරව ඔවුන්ට පරිත්‍යාගද ලැබෙන්නේය ඒ ලෝකයේ ඔවුන් වෙනුවෙන් යහපත පතන විවිධ සංවිධාන සහ පුද්ගලයන් වෙතිනි.
තමන් හැර උමෝජාව වෙත ගිය බිරින්දෑවරුන් බැලීමට ඇතැම් සැමියන් උමෝජාව වෙත එන්නට උත්සහා කළද ඔවුන්ට එහි පැමිණීමට අවසර නැත. හමුවීමට අවශ්‍ය නම් හැකිතාක් ඉක්මණින් ඔවුන් නැවත යා යුතුය.

උමෝජාවේ දැරියන් නගරයේ පැසැල් වලට යන අතර ඔවුන්ට බෙහෝ විට යන්නට සිදු වන්නේ නගරයේ මිශ්‍ර පැසැල් වලටය . නමුත් ඔවුන්ට එය විශාල ගැටළුවක් නොවේ. භාහිර සමාජය පිළිබදව කුඩා අවධියේදීම ඔවුන්ට ලැබෙන උපදෙස් සහ ආදර්ශ ඔවුන්ගේ ජීවිත වෙනස් අයුරින් සිතන්නට හුරු කරවන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි