සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) :මාස නවයක පමණ කරන ලද සාකච්ඡාවලින් අනතුරුව ඊයේ(22) දිනයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් වඩා ඵලදායී අනගතය සඳහා නව ගිවිසුමක් අනුමත කර ගැනීමට සමත් වූ බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකශ කර තිබේ.
මෙම නව ගිවිසුම මඟින් සාමය සහ ආරක්ෂාව, ගෝලීය පාලනය, තිරසාර සංවර්ධනය, දේශගුණික විපර්යාස, ඩිජිටල් සහයෝගීතාව, මානව හිමිකම්, ස්ත්‍රී පුරුෂ භාවය, තරුණයන් සහ අනාගත පරම්පරාව ඇතුළු තේමා ආවරණය වන පරිදී විවිද ක්ෂේත්‍ර 56ක් ආවරණය කරමින් සම්පාදනය කර තිබේ.
ඒ අනුව මෙහි සන්දර්භය තුළ ගෝලීය අර්බුද එක්සත් ජාතීන්ගේ ප්‍රතිසංස්කරණ හා ජාත්‍යන්තර මූල්‍ය පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කර ඇත. මෙහි අභියෝගවලට යුක්රේනයේ, ගාසාවේ සහ සුඩානයේ පවතින යුද්ධ ඇතුළත් වේ. දේශගුණික විපර්යාස අවම කිරීමේ උත්සාහයන් පසුගාමී වීම, පුලුල්ව පැතිරුනු ජාතික ණය ගැටළු, පාලනයකින් තොරව දියුණු වන තාක්‍ෂණය පිළිබඳ කනස්සල්ල ආදී බහුවිධ කරුණු රැසක් අන්තර්ගත වන බවයි මහලේකම්වරයා සඳහන් කර තිබුණේ,