×

දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහිසුණුම ඛේදවාචකය අද උදා වී ඇත – එක්සත් ජාතීන්

"කොවිඩ් -19 යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් පසු අප එක්ව මුහුණ දුන් විශාලතම අභියෝගය." බව ඔහු පවසා සිටියි.


දෙවන ලෝක යුද්ධයෙන් පසු එනම් එක්සත් ජාතීන් ගේ සංවිධානය පිටුවීමෙන් පසු ලෝකය මුහුණ දුන් දැවැන්තම ඛේදවාචකය කොරෝනා වසංගතය බව එක්සත් ජාතික සංවිධානය විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත. මේ වන විට වසංගත තත්ත්වය හේතුවෙන් මිය ගොස් තිබෙන ප්‍රතිශතය, ගෝලීය ආර්ථිකය බිද වැටීමේ වේගය ආදී කරුණු ගරන සළකා බැලීම තුළ සිය ප්‍රකාශය සාධාරණී කරණය කළ හැකි බව එක්සත් ජාතීන් ගේ සංවිධානය වෙනුවෙන් ඒහි ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසයි.

වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට එය ආරම්භ වූ චීනයේ තත්ත්වයට වඩා දරුණු සහ ඛේදනීය තත්ත්වයකට ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් මුහුණ දෙමින් සිටී. ඊයේ පසුගිය අඟහරුවාදා දින ඒක්සත් ජනපදය තුළ වාර්ථා වූ මරණ සංඛ්‍යාව 800ක් වූ අතර ආසාදිතයන් 3700කට වැඩි පිරිසක් ඒක් දිනයක් තුළ වාර්ථා කෙරිණ. චීනය තුළ මෙතෙක් මිය ගොස් සිටින සංඛ්‍යාව 3282ක් බව වාර්ථා විය.

වසංගතයේ පුපුරා යෑම ආර්ථක සමාජීය ප්‍රපංචයන් මත කරනු ලබන බලපෑම පිළිබද එක්සත් ජාතීන්ගේ වාර්ථාව නිකුතු කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වෙමින් මෙම ප්‍රකාශය සිදු කළ ඇන්ටෝනියෝ ගුටෙරස් පවසන්නේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව ඇමරිකාවේ 188,000 කට අධික පිරිසක් ආසාදනය වී ඇති බවයි.

“කොවිඩ් -19 යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් පසු අප එක්ව මුහුණ දුන් විශාලතම අභියෝගය.” බව ඔහු පවසා සිටියි.

“රෝග ව්‍යාපතිය මැඩපැවැත්වීම සහ වසංගතය අවසන් කිරීම සඳහා ක්ෂණික සම්බන්ධීකරණ සෞඛ්‍ය ප්‍රතිචාරයක්” සියල්ලන් තුළින් බලාපොරෝත්තු වන බවද ඔහු පවසයි.

ගුටරෙස් මහතා සංවර්ධිත රටවලින් ඉල්ලා සිටියේ අඩු සංවර්ධිතයින්ට හෝ “ලැව් ගින්නක් මෙන් පැතිරෙන රෝගයේ බියකරු සිහිනයට මුහුණ දෙමින් සිටින්නන්ට උදව් කරන ලෙසයි. වසංගතයේ ප්‍රතිපලයක් ලෙස ලොව පුරා රැකියා මිලියන 25 ක් පමණ අහිමි විය හැකි බව එක්සත් ජාතීන්ගේ වාර්තාව ගණන් බලා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි