×

මෝදිගේ දේශගුණික විපර්යාස ප්‍රතිපත්ති පිළිබඳව COP27හි ලෝක ප්‍රජාවගේ ප්‍රසාදය

ඉන්දියාව විසින් ලෝකයට ලබා දෙන ආදරශය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට මෙහිදී ලක්විය.


2015 වසරේ පැරිස් ගිවිසුම අත්සන් කරනු ලැබූ රටවල දේශගුණික ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට පූර්වාදරශ සැපයීම වෙනුවෙන් ඉන්දියාව පසුගිය වසරේ මැදිහත් විය. ඒ අනුව පැරිස් ගිවිසුම අත්සන් කරන ලද සෑම රටක්ම වසර පහකට වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව සැලසුම් ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව යමින් 2021 වසරේ ග්ලාස්ගෝ හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී COP26 ඉන්දියා අගමැති මෝදි 2070 වන විට ශුද්ධ-ශුන්‍ය විමෝචනය කරා ළඟා වීම ඇතුළුව සම්පූර්ණ පොරොන්දු පහක් ඉදිරිපත් කරන ලදි.

මෙවර ඒ පිළිබ ද සලකා බැලීමේදී දක්නට ලැබුණේ රජය සිය විදුලි බල අවශ්‍යතාවයෙන් සියයට 50 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සපුරාලීමට කැපවී ඇති බවයි. එය පැරිස් ගිවිසුමට අනුව 40%ක සාර්ථකත්වයකි. වන ව්‍යාප්තිය පිළිබඳව රජය විසින් අවධානය යොමු කර ඇති අතර 2030 වන විට වනාන්තර ව්‍යාප්තිය හරහා කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 2.5 සිට ටොන් බිලියන තුන දක්වා අවශෝෂණය කර ගැනීම සඳහා ඔවුන් ක්‍රියාත්මක වෙමින් පවතියි.

ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද 2021 වන සමීක්ෂණ වාර්තාවට අනුව, ඉන්දියාවේ මුළු වනාන්තර සහ ගස් වැස්ම රටේ භූගෝලීය ප්‍රදේශයෙන් සියයට 24 ක් පමණ විය. 2019 සිට වසර දෙකක දී, වනාන්තර ආවරණයේ මුළු වැඩිවීම වර්ග කිලෝමීටර් 1,500 (වර්ග සැතපුම් 579) වන අතර, ගස් ආවරණ වර්ධනය වර්ග කිලෝමීටර් 700 (වර්ග මීටර් 270) දක්වා වර්ධනය විය. මෙවර COP27 සමුළුවේදී ඉන්දියාවේ දේශගුණික වාර්තාව එළිදක්වමින් පරිසර අමාත්‍ය භූපෙන්දර් යාදව් පැවසුවේ මෙය වැදගත් සන්ධිස්ථානයක් බවයි.

සංවර්ධනය සාමාන්‍ය දෙයක් නමුත් යටිතල පහසුකම් සංවර්ධනය රජය විසින් කිසිදු පාරිසරික පරීක්‍ෂණයකින් තොරව සිදු කරන බවට පරිසර වේදීන් මෙහිදී චෝදනා කරනු ලැබූ අතර Climate Analytics හි දේශගුණික හා බලශක්ති ආර්ථික විද්‍යාඥවරියක වන Nandini Das මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ, එක් පැත්තකින් රජය විවිධ ප්‍රතිපත්තිමය තල්ලුව හරහා පුනර්ජනනීය බලශක්තිය ව්‍යාප්ත කිරීමෙහිලා ඉතා හොඳින් ක්‍රියා කරයි, නමුත් රජය තවමත් ගල් අඟුරු සඳහා වන සහයෝගය දිගටම කරගෙන යයි. පොසිල ඉන්ධන මත යැපීම වැඩි කිරීම 1.5C මාර්ග සමඟ නොගැලපෙන බවයි.

කෙසේ නමුත් ඉන්දියාව ලෝකයේ තුන්වන විශාලතම හරිතාගාර වායු විමෝචකය වන අතර, ලෝකයේ විශාලතම ජනගහනයක් සහිත රටක්ද වේ. ඔවුන් ආන්තික කාලගුණයෙන් වඩාත්ම පීඩාවට පත්වන රටකි. මෙවැනි තත්වයක් තුළ ඉන්දියාව විසින් ලෝකයට ලබා දෙන ආදරශය බොහෝ දෙනාගේ ප්‍රශංසාවට මෙහිදී ලක්විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි