×

එක්සත් ජාතීන්ගේ සංවිධානය හයිටියේ ආයුධ තහනම දීර්ඝ කරයි

රටතුල පවතින අස්ථාවරත්වය හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ, ඝාතන සහ පැහැරගැනීම් වැඩිවී ඇත.


සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හයිටියේ ඉහලයන කල්ලි ප්‍රචණ්ඩත්වය හෙතුවෙන් අවි තහනම දීර්ඝ කිරීම වෙනුවෙන් ඊයේ (18)දිනයේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කැරිබියන් රටේ සියලුම වර්ගයේ ආයුධ සහ පතොරම් සඳහා මෙම තහනම බලපානු ඇති අතර මෙත් සමඟ එහි අසාදු ලේඛනයේ සිටින කල්ලි සාමාජිකයින් සහ අපරාධකරුවන්ට සංචාරක තහනමක් සහ වත්කම් කැටි කිරීම ද දීර්ඝ කර ඇත.

මිලියන 11.4 ක ඇස්තමේන්තුගත ජනගහනයක් සහිත, වඩාත්ම ජනාකීර්ණ කැරිබියානු රට හයිටිය වසර ගණනාවක් තිස්සේ අස්ථාවරත්වයට මුහුණ දී ඇති අතර 2021 ජූලි මාසයේදී ජනාධිපති ජොවනෙල් මොයිස් ඝාතනය කිරීමෙන් පසු තත්වය වඩාත් නරක අතට හැරී ඇත. කල්ලි වල බලපෑම රටතුල විශාල වශයෙන් ව්‍යාප්තව ඇති අතර එහි අගනුවර වන Port-au-Prince වලින් සියයට 80ක් පාලනය කරන බව ගණන් බලා ඇත.

රටතුල පවතින අස්ථාවරත්වය හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්, ස්ත්‍රී දූෂණ, ඝාතන සහ පැහැරගැනීම් වැඩිවී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි