×

ඌරාගේ මාලු ඌරාගේ ඇගේ තියා කැපීම හෙවත් අබු අක්ලේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලීම

පලස්තීන ජනාධිපතිවරයා විසින් මෙම සාහසික අපරාධය කුමන්ත්‍රණය කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඊශ්‍රායලයට චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කරමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එක්සත් ජනපදයට දොස් පවරා තිබිණී.


පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ අබු අක්ලේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (23) නිව්යෝක්හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 77 වැනි සැසිවාරයේදී සාකච්ජා වු බව වාර්තා වේ.


එනම් මේ පිළිබඳ අදහස් දක්වමින් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පලස්තීන ජාතික අල් ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබේ.

ඊශ්‍රායල හමුදා විසින් පසුගිය මැයි මාසයේදී අබු අක්ලේට වෙඩි තබා තිබුණේ ඇය වාඩිලාගෙන සිටි බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටියදීය. අබු අක්ලේ මාධ්‍ය කබායක් ඇඳ සිටි අතර ඇය මරා දමන විට අනෙකුත් මාධ්‍යවේදීන් සමඟ සිට ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය (OHCHR) ඊශ්‍රායල හමුදාවට මෙහි චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ මාධ්‍යවේදිනිය වෙඩි හුවමාරුවකට හසු වූ බවයි. සාපරාධී වරදක් පිළිබඳ සැකයක් නොමැති හෙයින් හමුදා පොලිස් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කිසිදු පදනමක් නොමැති බව වාර්තා කෙරිණ.

ඊයේ (23)දිනයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් පලස්තීන ජනාධිපතිවරයා විසින් මෙම සාහසික අපරාධය කුමන්ත්‍රණය කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඊශ්‍රායලයට චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය ආරක්ෂා කරමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එක්සත් ජනපදයට දොස් පවරා තිබිණී.

ඔහු මෙහිදී සඳහන් කළේ මෙය සමස්ත මනුෂ්‍ය වර්ගයාටම නින්දාවක් බවයි. මේ වන විට එක්සත් ජනපදයේ සහයෝගය මත ඊශ්‍රායලය ඉඩම් රාජසන්තක කරමින්, කොල්ල කමින් හා ජනාවාස ඉදිකිරීම මහත් විපතක් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා එය හමුදාවට සහ පලස්තීනුවන් ඝාතනය කරන ත්‍රස්තවාදී පදිංචිකරුවන්ට පූර්ණ නිදහස ලබා දීමක් වශයෙන් හඳුන්වා තිබේ.

යුක්තිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ සාමය සාක්ෂාත් කර ගැනීමේ හැකියාව පිළිබඳ අපගේ විශ්වාසය අවාසනාවන්ත ලෙස මේ වන විට ඊශ්‍රායල වාඩිලාගැනීමේ ප්‍රතිපත්ති හේතුවෙන් හීන වෙමින් පවතින බවත් දෙපාර්ශවයට සමානව සලකන ලෙසත් පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මෙහිදී අවධාරණය කළ බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි