×

ගල්ගසා මරා දැමීමේ බෘනායි නීතියට එක්සත් ජාතීන්ගේ උදහස

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටින්නේ බෘනායි හී මෙම නව නීතිය ''ප්‍රචණ්ඩ හා අමානුෂීය'' බවයි.


ලොව ධනවත්ම රාජ්‍යයක් ලෙස සැළකෙන බෘනායි රාජ්‍යයට හදුන්වා දුන් නවතම නීතිය සමරිසි සබදතා පවත්වන්නන් ගල් ගසා මැරීමට ගත් තීරණය මේ වන විට ලෝකයේ දැඩි පිළිකුළට මෙන්ම විවේචනයටද ලක්වෙමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා සිටින්නේ බෘනායි හී මෙම නව නීතිය ”ප්‍රචණ්ඩ හා අමානුෂීය” බවයි. සමරිසි සබදතා පවත්වන පුද්ගලයින් මෙන්ම අනාචාරයේ හැසිරෙන්නන්ද ගල් ගසා මරා දැමිය යුතුය යන නීතිය මෙම සතියේ සිට ආරම්භ කිරීමට බෘනායි සුල්තාන්වරයා විසින් නියම කෙරිණි.
රාජාණ්ඩුක්‍රමයක් පවතින බෘනාහී සුල්තාන්වරයා වන 51 හැවිරිදි හසනල් බොල්කියා ප්‍රකාශ කර ඇත්තේ මෙම නීතිය මෙම සතියේ බදාදා සිට ක්‍රියාත්මක වන බවයි.

මේ සම්බන්ධ නීති හදුන්වාදීමේ වෑයම බෘනායි රාජ්‍යව විසින් 2013 වසරේදී දරන ලද අතර මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විරෝධතා හේතුවෙන් එය ප්‍රමාද කෙරිණ.

මරණ දණ්ඩනය නියම කිරීම සදහා සමරිසි සබදතා, අනාචාරය හැරුණ විට මංකොල්ල, සහ මෙවුන්දම් සේවනය මෙන්ම ඉස්ලාමීය ශාස්තෘවරයා වන මුහම්ද්තුමා හට අපහාස කිරීමද ඇතුලත්ය.
මෙම නව නීතිය තුළ ගබ්සා කිරීමට එරෙහිව මහජනයා ඉදිරියේ දඩුවම් දීම මෙන්ම සොරකමට එරෙහිව ශරීරයේ අංග ඡේදනය මෙන්ම ඉස්ලාම් දරුවන් වෙනත් ආගමකට හැරවීමට උත්සාහ කිරීම අපරාධ වරදක් සේ සැළකීම ආදී ක්‍රියා මාර්ගද ඇතුලත්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළබද මහකොමසාරිස් වරිය මිචෙල් බැච්ලට් ප්‍රකාශ කරන්නේ මෙම නීති පද්ධතිය තුළ පවතින අමානුෂීය මෙන්ම ප්‍රචණ්ඩකාරී දඩුවම් පිළබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළබද විශේෂඥයින්ගේ අවධානය යොමු වී ඇති බවයි.

මිනිස් අයිතිවාසිකමක් ලෙස ලෝකයේ බොහෝ රාජ්‍යයන් විසින් සමරිසි සබදතා පිළිගනිමින් සිටී. විශේෂයෙන්ම ඉන්දියාවද ඇතුළු රටවල් රැසක් මෑත කාලීනව සමරිසි සබදතා නීත්‍යානුකූල බවට පිළිගන්නා ලදී. නමුත් බෘනායි රාජ්‍ය විසින් මෙසේ එවැනි කරුණක් සම්බන්ධයෙන් ගන්නට යන අමානුෂීය ක්‍රියාමාර්ග සම්බන්ධව ලෝකයේ බොහෝ පිරිසක් විසින් සිය විරෝධතාව ප්‍රකාශ කරන ලද අතර සුප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු වන ජෝර්ජ් ක්ලූනි සහ ගායක එල්ටන් ජෝන් විසින් ප්‍රසිද්ධියේ බෘනායි පාලකයාගේ තීරණය විවේචනය කර සිටියහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ පිළිබදව සිය ප්‍රකාශය නිකුත් කරන්නේත් මේත් සමගිනි.

සමරිසි සම්බන්ධතා කාලයක් තිස්සේ බෘනායි රාජ්‍ය තුළ නීති විරෝධී ක්‍රියාවක් ලෙස පිළිගැණන අතර අසල් වැසි රාජ්‍යයන් වන ඉන්දුනීසියාව මලයාසියාව ආදී රාජ්‍යයන් හී ද එය නීති විරෝධීය . නමුත් ඒ ඉද්ලාම් ආගමිකයන්ට පමණක් අදාල කරුණකි. එවැනි පසුබිමක් තුළ ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දමන්නට සැළසුම් කළ මෙම නීති වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අමානුෂීය මෙන් ම ප්‍රචණ්ඩකාරීවේ.

මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස්වරියට අනුව ජාත්‍යන්තර නීතියට අනුව චේතාන්විත මිනිස් ඝාතන සම්බන්ධව සියළු නෛතික ක්‍රියාමාර්ඝ වලින් පසුව පමණක් මරණ දඩුවම ක්‍රියාත්මක කළ හැකි බවයි.

” යථාර්ථයට අනුව අත් වැරදීම් නොවන නෛතික ක්‍රියාපිළවෙතක් තිබිය නොහැකිය. වරද කරුවෙකු ට එරෙහිව මරණ දණ්ඩනය සමානුපාතික නේවන අවස්ථා පිළබද සාක්ෂි විසින් පෙන්වා දී ඇත. ඒ තුළ නීතිය ගබ්සා වීමේ දැඩි අවධානමක් පවතී.
බෘනායි නව නීතියේ අවධානම සම්බන්ධව එක්සත් ජාතී න්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහකොමසාරීස් වරිය සිය අදහස් දක්වන ලදී.
ඇය බෘනායි පාලනය වෙත අවධාරණයෙන් කියා සිටියේ නීති විසින් ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගික නැඹුරුව, සහ ආගමික අනුබැදිය මත පවතින ප්‍රචණ්ඩත්වය සහ වෙනස්කොට සැළකීම පිළබදවද අවධානය යොමුවිය යුතු බවයි.

කිසිදු ආගමක් පදනම් කරගත් නීති පද්ධතියක් කිසිදු ලෙසකින් බහුතරය මෙන්ම සුළුතරය විසින් කුමන ආගමක් විශ්වාස කළද ඇදහුවද සියල්ලන්ගේම මානව හිමිකම්, උල්ලංඝනය නොකළ යුත් බවද ඇය අවධාරණය කරන ලදී.

එක්සත් ජාතීන් ගේ සංවිධානයද ඇතුළු සමස්ථ ලෝකයම මේ වන විට බලා සිටින්නේ බෘනායි පාලනය විසින් ලෝකයට දෙන්නට සූදානම් වන මනුෂ්‍යත්වයෙන් තොර වූ නීති ආදර්ශය දෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි