×

ඉරානයේ රාජ්‍ය මර්දනය මැද එක්සත් ජාතීන් හමුවක් ඉල්ලයි – ඉරානය නිශ්ශබ්දයි!

වොල්ක්ර් ටර්ක් මීට ඉහත අවස්ථාවක පෙන්වා දුන්නේ, ඉරානයේ මතුව ඇති තත්ත්වය "පූර්ණ අර්බුදකාරී" තත්ත්වයක් බවයි.


හිජාබය නිවැරදිව පැළඳුවේ නැති බව කියා ඉරානයේ සදාචාර පොලීසිය විසින් අත්අඩංගුවට පත් 22 හැවිරිදි මාහ්සා අමීනි නම් කාන්තාවගේ අභිරහස් මරණය සමඟ එරට රාජ්‍ය විරෝධී ජන අරගල උත්සන්න වී ඇති අතර, මේ වන විට එම ජන අරගලවලට එරෙහිව දියත් කර ඇති රාජ්‍ය මර්දනය හමුවේ සියගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දහස් ගණනක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඉරානයේ රාජ්‍ය විරෝධී ජන අරගල මැද මතුව ඇති උණුසුම්කාරී වාතාවරණය තුළ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්ක්ර් ටර්ක් එරටට පැමිණීමට ඉරාන බලධාරීන්ගේ අවසරය ඉල්ලා තිබේ.

කෙසේවෙතත්, මෙම ඉල්ලීමට ඉරාන රජය තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි ටර්ක් අද (24) දින පවසා සිටියේ.

ඉරානයේ මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් තමා ඉරාන බලධාරීන් සම්බන්ධකර ගත් බවත්, තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා එම රටට පැමිණීමට පවා ඉල්ලීමක් කළ බවත්, එහෙත් ඊට තවමත් ප්‍රතිචාරයක් ඉරානය පාර්ශවයෙන් ලැබී නැති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්ක්ර් ටර්ක් මීට ඉහත අවස්ථාවක පෙන්වා දුන්නේ, ඉරානයේ මතුව ඇති තත්ත්වය “පූර්ණ අර්බුදකාරී” තත්ත්වයක් බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි