පාකිස්ථානයේ මාස ගණනාවක් පුරා පැවැති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1,391ක් මිය ගොස් මිලියන 33ක් පීඩාවට පත්ව ඇත. මිලියන භාගයක් පමණ ජනතාවට සිය නිවාස අහිමි වී ඇත.
පසුගියදා ව්‍යසනයට පත් පාකිස්ථානයට පැමිණි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ගෝලීය විමෝචනයෙන් 1% කට වඩා අඩු දායකත්වයක් සපයන රටකට උපකාර කිරීම දේශගුණික අර්බුදයට දායක වන අනෙකුත් රටවල් බැඳී සිටින බවයි.
එමෙන්ම මහලේකම්වරයා මෙහිදී අවධාරණය කර තිබුණේ අපි ස්වභාවධර්මයට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති බවත් , ස්වභාවධර්මය අප පසුපස හඹා විත් විනාශකාරී ආකාරයකින් පහර දෙන බවත්, අද පාකිස්ථානයට සිදු වූ බලපෑම හෙට දිනයේ වෙනත් රටකට සිදු විය බවත්ය. ඒ අනුව සොබාදහම සමඟ යුද්ධය අවසන් කර පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කරන ලෙස මෙහිදී මහලේකම්වරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන ඉල්ලා ඇත.
නැවත පාකිස්ථානයට ගොඩ ඒමට නම් ඩොලර් බිලියන 30ක් පමණ අවශ්‍ය වන බව ආර්ථික විද්‍ය විශලේෂකයන් විසින් ප්‍රරෝකතනය කර ඇති අතර මේ වන විට පාකිස්ථානය වෙනුවෙන් එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ වෙනත් රටවලින් මානුෂික ආධාර ලැබෙමින් පවතින බව අනාවරණය වේ. පළමු ගුවන් යානය සිකුරාදා එක්සත් ජනපදයෙන් පැමිණි අතර, එය ඉදිරි ඩොලර් මිලියන 30 ක ආධාරයේ කොටසක් බව වොෂින්ටනය පවසා තිබේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය(USAID) විසින් සිකුරාදා නිවේදනය කර තිබුණේ අතිරේක ඩොලර් මිලියන 20ක් පාකිස්ථානයට ලබා දීමට තීරණය කර ඇති බවයි.
මීට අමතරව ගංවතුර හේතුවෙන් පුරාණ ඊජිප්තුවේ සහ මෙසපොතේමියාවේ ශිෂ්ටාචාරය සමග සමපාත වන වසර 4,500 ක් පැරණි දකුණු ආසියාවේ ලෝක උරුම නාගරික ජනාවාසවලින් එකක් ලෙස සැලකෙන මොහෙන්ජෝ-දාරෝ නගරය ද විශාල වශයෙන් හානියට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක උරුම ඒජන්සිය විසින් පසුගිය දා නිවේදනය කර තිබිණි. එම නගරය නැවත පිළිසකර කිරීමට නම්, ඩොලර් 350,000 පමණ වැය වනු ඇති බව වාර්තා වේ.
සශිකලා මධුෂාණී_