×

එක්සත් ජාතීන්ගේ ජල සමුළුව අදින් ඇරඹේ

පසුගියදා එක්සත් ජාතීන් හා යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව දේශගුණික විපර්යාසයන් හා අධික පරිභෝජන හේතුවෙන් ගෝලීය ජල හිගයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.


1977න් අනතුරුව එක්සත් ජාතීන්ගේ ජල සමුළුව අදින් ඇරඹෙන අතර එය මාර්තු 24වන දා දක්වා ක්‍රියාත්මක වේ. මෙවර සමුළුවේ නිල සත්කාරකත්වය එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් ඌෂා රාඕ මොනාරි විසින් දරණු ඇත. ටජිකිස්තානයේ සහ නෙදර්ලන්ත ආන්ඩු විසින් සම සත්කාරකත්වය දරමින් ඇරඹෙන මෙම සමුළුවට අමාත්‍යවරුන් 100ක් සහ රාජ්‍ය ප්‍රධානීන් රැසක් ඇතුළුව ආරාධිතයන් 6,500ක් පමණ සහභාගී වනු ඇති බවට සැළකේ.

පසුගියදා එක්සත් ජාතීන් හා යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව දේශගුණික විපර්යාසයන් හා අධික පරිභෝජන හේතුවෙන් ගෝලීය ජල හිගයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.

එහි සඳහන් වන කරුණු අතර බිලියන 3.5 ක් දක්වා ජනතාව වසරකට අවම වශයෙන් මාසයක් ජල පීඩනය යටතේ ජීවත් වන බව කියැවේ. ඒ අනුව ජලය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවය වැඩිවෙමින් පවතින අතර අප එය විසඳා නොගන්නේ නම්, නියත වශයෙන්ම ගෝලීය අර්බුදයක් දක්වා එය වර්ධනය වනු ඇති බව පැවසේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ මිනිස් වර්ගයාගේ ජීවනාලිය වන ජල තිරසර නොවන ජල භාවිතය, දූෂණය හා ගෝලීය උණුසුම හේතුවෙන් පාලනයකින් තොරව විනාශ වන බවයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් ඌෂා රාඕ මොනාරි විසින් සඳහන් කර තිබුණේ වෙන කවරදාටත් වඩා ජලය සම්බන්ධයෙන් නව පාලන ආකෘති, ජලය භාවිතා කිරීමේ නව මාදිලි, ජල ක්ෂේත්‍රය කළමනාකරණය කිරීමේ දී තාක්ෂණය හා නවෝත්පාදනයේ කාර්යය භාර්යය, පිළිබඳව මේවන විට වඩාත් වැඩිපුර සොයා බැලීමට සිදුවනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි