×

HIV සේවා සපයන ප්‍රජා-මූලික සංවිධාන අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරන්න, UNAIDS සංවිධානයෙන් රජයන් වෙත ඉල්ලීමක්!

වත්මන් කොරෝනා වසංගත තත්ත්වය තුළ එච්අයිවී ආශ්‍රිත සේවාවන් ඉහළ නැංවීමේ අවශ්‍යතාව UNAIDS සංවිධානය විසින් පෙන්වා දෙයි.


වත්මන් කොරෝනා වසංගත තත්ත්වය තුළ එච්අයිවී ආශ්‍රිත සේවාවන් ඉහළ නැංවීමේ අවශ්‍යතාව UNAIDS සංවිධානය විසින් පෙන්වා දෙයි.

පසුගිය සඳු (18) දින නිකුත් කළ නිවේදනයකට අනුව, එම සංවිධානය පෙන්වා දෙන්නේ වත්මන් කොවිඩ්-19 ආසාදන තත්ත්වය තුළ එච්අයිවී ආශ්‍රිත අවදානම් කණ්ඩායම් හා ආන්තිකරණයට ලක්වූ ප්‍රජාවන් හට ලබා ගත යුතු සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙර නොවූ විරූ පරිදි වැඩිවී තිබෙන බවත්, ඒ අනුව මේ සඳහා දැනට ක්‍රියාත්මක වන එච්අයිවී ආශ්‍රිත සෞඛ්‍ය සේවාවන් ලබා දෙන ප්‍රජා-මූලික සංවිධාන (community organizations) වෙත වැඩි ඉඩකඩක් ලබා දිය යුතු බවත් ය.

එච්අයිවී ආශ්‍රිත සේවාවන් ලබාදීමේදී ප්‍රජා-මූලික සංවිධාන ඉමහත් කාර්යභාරයක් ඉටුකරන මෙන්ම එච්අයිවී ආශ්‍රිත අවදානමට ලක්වූ හා විවිධ ආන්තිකකරණයට ලක්වූ ප්‍රජාවන් සමඟ සමීපව කටයුතු කිරීමට එම සංවිධාන වලට පවතින හැකියාව නිසා එවන් සංවිධාන අත්‍යාවශ්‍ය සේවාවන් සපයන ආයතන ලෙස හඳුනා ගත යුතු බවට UNAIDS සංවිධානය අවධාරණය කරයි.

වත්මන් කොවිඩ්-19 තත්ත්වය තුළ සමාජ දුරස්තභාවය පවත්වා ගැනීම හා ළඟ ඇසුර සීමා කිරීම නිසා, හා කොවිඩ්-19 හා බැඳුණු විවිධ ජාතිවාදී, ආගම්වාදී වෛරී සහගත ව්‍යාපාර හේතුවෙන් මෙන්ම කොවිඩ්-19 සහ එච්අයිවී සන්සන්දය කිරීම තුළ සිදුවන විවිධ එදිරිවාදීකම් හේතුවෙන් අවදානම් කණ්ඩායම් හට අත්‍යාවශ්‍ය සේවාවන් වෙත පිවිසීම අභියෝගයක් ව පවතින අතර, මෙමඟින් අත්‍යාවශ්‍ය සේවා සැපයීම කෙරේ ප්‍රජා මූලික සංවිධාන හට වැඩි බරක් දැරීමට සිදුව තිබේ.

ඉහත සඳහන් කළ හේතු මත, එච්අයිවී ආශ්‍රිත අවදානම් කණ්ඩායම් අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීමට පැකිලෙන හා බියෙන් පසුවන අතර, ඔවුන් මේ සඳහා වඩාත් පහසු ප්‍රවේශ මාර්ගය ලෙස තෝරා ගන්නේ ප්‍රජා හිතෛශී ප්‍රජා මූලික සංවිධාන වේ.

විශේෂයෙන්ම එච්අයිවී ආශ්‍රිතව සිදුවන විවිධ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම්, හා එච්අයිවී ආශ්‍රිත මිත්‍යා මත ප්‍රවර්ධනය කිරීම තුළ ආන්තිකකරණයට ලක්වන ප්‍රජාවන්ගේ මානව හිමිකම් ආමන්ත්‍රණය කිරීමට මෙකී ප්‍රජා මූලික සංවිධාන වලට පවතින හැකියාව නිසා එච්අයිවී අවදානමට ලක්වූ ප්‍රජාවන් හඳුනා ගැනීම හා ඔවුනට අවශ්‍ය සේවාවන් ලබාදීම විධිමත් කිරීමෙහි ලා ඉහළ ධාරිතාවක් හා බිම්මට්ටමේ ප්‍රායෝගික දැනුමක් ඔවුන් සතුව පවතින බවට UNAIDS සංවිධානය පෙන්වා දෙයි.

ජාතික එච්අයිවී ප්‍රතිචාරය තුළ මෙම ප්‍රජා මූලික සංවිධාන ඒ ඒ රටවල රජයන් සමඟ එක්ව කටයුතු කරන අතර, මෙමඟින් එච්අයිවී ආශ්‍රිත සේවාවන් සැපයීම සෑම රජයකට ම පහසු වී තිබේ. ඒ අනුව වත්මන් කොවිඩ්-19 තත්ත්වය තුළ විශේෂයෙන්ම එච්අයිවී සමඟ ජීවත් වන පුද්ගලයින් හා එච්අයිවී කෙරේ අධි අවදානමක් පවතින පුද්ගල කණ්ඩායම් වෙත අත්‍යාවශ්‍ය සේවාවන් ලබා දීම සඳහා සුදුසුතම මාධ්‍යය වන්නේ මෙම ප්‍රජා මූලික සංවිධාන බවට UNAIDS සියළු රජයන් වෙත අවධාරණය කරයි.

ඒ අනුව, කොවිඩ්-19 තත්ත්වය තුළ පුළුල් සෞඛ්‍ය බලපෑම් අවම කිරීම සඳහා UNAIDS සංවිධානය දරණ මතය වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා ප්‍රජා මූලිකත්වය ගෙන කටයුතු කරන සංවිධානවලට අඛණ්ඩව සහාය වීම සහ ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක උපකරණ සහ ආරක්ෂිත ප්‍රතිපත්ති පරිසර සපයා දීම බෙහෙවින් වැදගත් බවයි.

මේ සඳහා අත්‍යාවශ්‍ය සේවා ලබා දෙන මධ්‍යස්ථාන ලෙස ප්‍රජා මූලික සංවිධාන හඳුනා ගැනීම සියළු රජයන් විසින් සිදුකළ යුතු වෙයි. එබැවින් කොවිඩ්-19 මර්දනය කිරීමේ වැඩපිළිවෙල තුළ, කොවිඩ්-19 මෙන්ම එච්අයිවී ආසාදනය (එච්අයිවී ආශ්‍රිත ක්ෂය රෝගය ද ඇතුළුව) හා අනෙකුත් සියළු සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය සැලසුම් කිරීම්, මැදිහත් වීම්, වැඩසටහන් ක්‍රියාත්මක කිරීම් ඇතුළු සියළු දෑ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මෙම සංවිධාන වෙත ලබා දිය යුතු බවට ඔවුහු පෙන්වා දෙති.

මෙහිදී,

  • ප්‍රජා මූලික සෞඛ්‍ය සේවා වල ශ්‍රම බලකාය අත්‍යවශ්‍ය සේවා සපයන්නන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර ඒවා සෞඛ්‍ය සේවා සපයන්නන්ට සමාන යැයි සැලකිය යුතුයි.
  • ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන සේවාවන් ආරක්ෂිතව ක්‍රියාත්මක වීමට ඉඩ සලසන අයුරින් භෞතික දුරස්තකිරීම ට අදාල සීමාවන් සහ ප්‍රතිපත්ති සැලසුම් කළ යුතුයි. අත්‍යාවශ්‍ය සේවාවන් තුළ – එච්අයිවී, ක්ෂය රෝගය හා කොවිඩ්-19 වැළැක්වීමට අවශ්‍ය උපාංග ඇතුළත් විය යුතුයි. මේ අතර, කොන්ඩම්, ලිහිස්සිකාරක, පිරිසිදු සිරින්ජ කටු, ඔපියොයිඩ් ආදේශන චිකිත්සාව, උපත් පාලන පෙති, සනීපාරක්ෂක කට්ටල, රැකවරණය, අනුගතවීම, ආහාර පැකේජ සහ වෙනත් අත්‍යවශ්‍ය දෑ සමඟ ප්‍රජාවන් සම්බන්ධ කිරීම, ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ලක්වූ පුද්ගලයන් හා විවිධ අන්දමේ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් වලට ලක්වූ පුද්ගලයන් හට අවශ්‍ය නීතිමය සහාය සහ ආරක්ෂාව ඇතුළත් විය යුතුයි. ශාරීරික දුබලතා වලින් පෙලෙන පුද්ගලයින් සඳහා විශේෂ රැකවරණයක් සැපයිය යුතුයි.
  • අදාළ ප්‍රජා මූලික සේවා සපයන්නන් හට සුදුසු පුද්ගලික ආරක්ෂක උපකරණ සමඟ නිදහසේ ගමන් කිරීමට, අවශ්‍ය අවස්ථාවන්හිදී සහ සේවාවන් ලබා දීමට විශේෂ අවසරයක් ලබා දිය යුතුයි.
  • සේවා සැපයීමේදී තමන් සහ සිය සේවාදායකයින් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජා මූලික සංවිධාන, ජාල සහ කණ්ඩායම්වලට පුද්ගලික ආරක්ෂක උපකරණ සහ පුහුණුව ලබා දෙන බවට තහවුරු කළ යුතුයි.
  • ප්‍රජා මූලික සංවිධාන සඳහා පවත්නා අරමුදල්වල ආරක්ෂාව සහ යෙදවීම පිළිබඳ නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. එමඟින් මෙම සංවිධානවලට අඛණ්ඩව සේවාවන් සැපයිය හැකි වේ.
  • කොවිඩ්-19 ප්‍රතිචාරය තුළ රාජ්‍ය මට්ටමින් තීන්දු තීරණ ගනු ලබන වේදිකාවන් තුළ ප්‍රජා මූලික සංවිධාන නියෝජනය පැවතිය යුතු බවට සහතික කළ යුතුයි. මෙම ප්‍රජා මූලික සංවිධාන අතර, ස්ත්‍රීපුරුෂ සමාජභාවය, මානව හිමිකම් හා සමානාත්මතාවය පිළිබඳ කටයුතු කරන සංවිධාන ඇතුලත් විය හැකිය. කොවිඩ්-19 ආශ්‍රිත ප්‍රතිපත්ති සැලසුම් කළ යුත්තේ ඵලදායි හා සාධාරණ වූ ද, අදාළ සේවා සපයයන්නන්ගේ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ඉඩපරාසය විවෘත වන අන්දමින් ද විය යුතුය.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි