×

සිරියානු සාගර පත්ලේ තෙල් පරිවහන නල පද්ධතියකට ත්‍රස්තවාදී ප්‍රහාරයක්!

වයඹදිග සිරියාවේ සාගර පත්ලේ දිවෙන පෙට්‍රෝලියම් නල පද්ධතියකට කඩාකප්පල්කාරී අන්දමින් හානි පමුණුවා ඇති බවට වාර්තා වේ.


සිරියානු සාගර පත්ලේ තෙල් පරිවහන නල පද්ධතියකට ත්‍රස්තවාදී ප්‍රහාරයක්!

වයඹදිග සිරියාවේ බනියාස් කලාපයට ආසන්න සාගර පත්ලේ දිවෙන පෙට්‍රෝලියම් පරිවහන නල පද්ධතියක් කඩාකප්පල්කාරී අන්දමින් විනාශ කර ඇති බවට වාර්තා වේ.

තෙල් පරිවහනය කරන මෙම නල පද්ධතියට සිදුකර ඇති හානියෙන් තෙල් පිටතට කාන්දු වීමත් එය සාගරයට එකතු වීමත් සිදුවී ඇත.

පසුගිය සෙනසුරාදා (22) දින වූ මෙම සිදුවීමෙන් අවම වශයෙන් සිරියාවේ දියයට තෙල් පරිවහන නල පද්ධතියේ නල පහකට වත් හානි සිදුවී ඇති බවට වාර්තා වේ.  

සිරියානු පෙට්‍රෝලියම් හා ඛනිජ සම්පත් අමාත්‍යංශය ඉරු (23) දින නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ ඇතිවූ තත්ත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කරනු ඇති බවය.

කිමිදුම්කරුවන් මෙම කඩාකප්පල්කාරී සිදුවීම සිදුවූ කලාපය පරීක්ෂා කොට පවසා සිටියේ අවම වශයෙන් ප්‍රධාන නාල පහකට වත් හානි පැමිණ ඇති බවයි.

කේසේවෙතත්, එරට පෙට්‍රෝලියම් හා ඛනිජ සම්පත් අමාත්‍ය අලි ග්හානම් ප්‍රකාශ කර සිටියේ දියයට තෙල් පරිවහන නල පද්ධතියේ නල හයක් විනාශ වී ඇති බවත්, මෙය බියගුලුකාරී ත්‍රස්ත ප්‍රහාරයක ප්‍රතිඵලයක් බවත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි