×

Update: කොන්දේසි විරහිතව සිවිල් පාලනයට ආපසු යනු !- ඇමරිකාව සුඩානයට සැරෙන් කියයි

කොන්දේසි විරහිතව සහ වහාම සිවිල් පාලනය ස්ථාපිත කරන ලෙසට ඇමරිකා එක්සත් ජනපදය සුඩානයට කියා සිටියි.


සුඩාන අගමැති අබ්දල්ලා හැම්ඩොක් ඇතුළු නිවාස අඩස්සියට සහ අත්අඩංගුවට ගෙන තිබෙන සිවිල් නායකයන් නිදහස් කළ යුතු බව ද ඇමරිකාව කියා සිටියි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින් ට්විටර් සටහනක් මගින් මෙසේ ද කියා ඇත.

‘‘ආරක්ෂක හමුදා විසින් සුඩානයේ සංක්‍රාන්ති ආණ්ඩුව විසුරුවා හැරීම ඇමරිකා එක්සත් ජනපදය හෙළා දකියි.‘‘

ඇතැම් වාර්තාවකට අනුව බලය අල්ලාගැනීමෙන් පසුව රට තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්වයේදී පුද්ගලයන් 8 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඩොලර් මිලියන 700 ක සෘජු ආධාර නතර කරයි

මේ අතර, ඇමරිකාව විසින් සුඩාන ආණ්ඩුවට ලබාදීමට නියමිත ව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 700 ක සෘජු ආධාර ද නතර කර දමා තිබේ.

ජගත් සංවිධානය ද සුඩානයෙන් ඉල්ලා සිටින්නේ අගමැති සහ සිවිල් නායකයන් වහාම නිදහස් කරන ලෙස ය.

අද දිනයේ සුඩානය සම්බන්ධයෙන් අනුගමනය කරන ඉදිරි පියවර පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය හදිසි සැසියක් ද පැවැත්වීමට නියමිත ය.

පෙර ලිපිය

සුඩාන හමුදාව බලය අල්ලයි – හමුදා පාලනය නැවත ඇරඹෙයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි