×

Update: කොවිඩ් වසංගතය ධවල මන්දිරයම වෙළා ගෙන !

මේ වන විට සනාථ වන්නේ ධවල මන්දිරය කොවිඩ් වසංගතයට සැලකිය යුතු පරිදි නතු වී ඇති බවයි.


ඒ අනුව ධවල මන්දිරයේ ට්‍රම්ප් වෙත සෘජු ප්‍රවේශයක් සැලකිය යුතු පරිදි නොතිබූ වෙස්ට් වින්ග් හි සේවය කරමින් සිටි ධවල මන්දිර සේවකයෙකු ද කොවිඩ් පොසිටිව් තත්වයට පත්ව සිටියි.

මේ වන විට හෙළිව තිබෙන්නේ ඊයේ දිනය පුරාම ට්‍රම්ප් ජනාධිපතිවරයා උණ තත්වයෙන් පෙළුණු බව සහ, ප්‍රතිජීවක කොක්ටේලයක් පානය කර ඇති බව ය.

කොවිඩ් වසංගතය සහමුලින්ම නොතකා හරිමින් කටයුතු කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිජීවකවලින් කොරෝනා වෛරසය මර්දනය කළ හැකි යැයි සිතුවාද යන්න දන්නේ ඔහුම පමණි.

ධවල මන්දිරයට ආගිය මාධ්‍යවේදීන්ටත් කොවිඩ්

මේ අතර ධවල මන්දියට සමීපව කටයුතු කළ මාධ්‍යවේදීන් තිදෙනෙකුට කොවිඩ් පොසිටිව් තත්වයට පත්ව ඇති බව වාර්තා වේ. ධවල මන්දිරයේ ප්‍රකාශකයන්, ප්‍රකාශිකාවන් ඇතුළු තදබදය සහිත ව සේවය කළ සියලුම දෙනා මේ වන විට දැඩි වසංගත අවදානමකට ලක්ව සිටිති.

මේ අතර ඩිමොක්‍රටික් කථා නායිකා නැන්සි පෙලොසි ද කොවිඩ් සම්බන්ධයෙන් පරීක්ෂා කරගෙන ඇති අතර, ඇය නෙගටිව් තත්වයෙන් පසුවන බව අනාවරණය වේ.

කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමට පැය 48කට පෙර රූපවාහිනී විවාදයට ට්‍රම්ප් සමග සම්බන්ධ වූ ජෝ බයිඩන් පවසා තිබෙන්නේ තමන්ට කොරෝනා වෛරසය වැළඳී නැති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි