×

Update: කොවිඩ් වැක්සින් තරගයේ දුවන රටවල් 172 ක් එකමුතු කරගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ‘තනි ගෝලීය වැක්සිනයක්‘ නිපදවීමේ වෑයමක – COVAX

වෙන වෙනම වැක්සීන නිපදවමින් සිටින ලෝකයේ රටවල් 172 ක් එක්රැස් කරගෙන තනි වැක්සීනයක් නිපදවීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී තිබේ.


ඔවුන් අවධාරණය කරන්නේ තනි කොවිඩ් වැක්සිනයක් සඳහා ලෝකවාසී ජනතාවට සම ප්‍රවේශයක් ලබාදිය යුතු බවයි.

එය කොවිඩ් ගෝලීය වසංගතයෙන් බේරීමට තිබෙන එකම ක්‍රමය බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

COVAX Facility යනුවෙන් කොවිඩ් සඳහා එන්නත් නිපදවන බහුවිධ ආයතන සහ ආර්ථිකයන් එක්තැන් කිරීමේ මුලපිරීමද ඔවුන් විසින් මේ වන විට කර තිබේ.

මෙහි ප්‍රතිඵලය ලෙස නිපදවන්නට අපේක්ෂා කරන්නේ COVAX vaccine හෙවත් ‘කොවැක්ස් වැක්සීනය‘ නමැති තනි එන්නතකි.

එහිදී මේ තාක් ලෝකයේ විවිධ රටවල් විසින් එන්නත් නිපදවීමේ පරිශ්‍රමයන්ගෙන් සොයාගත් තාක්ෂණයන් එක්තැන් කෙරෙනු ඇති.

ඉහල ආදායම් ලබන රටවල් 80ක් මේ ව්‍යායාමයට එක් වීමට දැනට කැමැත්ත පළ කර තිබේ. ඔවුන් අඩු සහ මැදි ආදායම් ලාභී රටවල් 92 ක් සමග එක්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පරිශ්‍රමය සාර්ථක වුවහොත් වසර 2021 අගභාගය වන විට සාර්ථක කොවිඩ් වැක්සිනයක් මුළු ලෝකයම සඳහා නිපදවීමට හැකියාව ලැබෙනු ඇතැයි සිතන අතර, එයින් වැක්සින මාත්‍රා බිලියන 2 ක් ලොව පුරා බෙදා හැරීමට නියමිත ය.

මේ වන විට මිලියනයේ සීමාවට ආසන්න වෙමින් පවතින කොවිඩ්-19 ගෝලීය මරණ සංඛ්‍යාව, 2021 අගභාගය වන විට මිලියන 2 ක් දක්වා ඉහළ යනු ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

සබැඳි

‘ප්‍රතිශක්තිකරණ ජාතිකත්වය‘ – ‘‘Vaccine Nationalisation‘‘ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත් යෙදුමක් – අලුත් අනතුරු ඇඟවීමක් !



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි