×

Update: ට්‍රම්ප් රෝහලේ සිට වැඩ – ඉක්මනින් ගෙදර එන හැඩ

කොවිඩ්-19 පොසිටිව් වීම නිසා රෝහල්ගත වී ප්‍රතිකාර ලබන ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ට වෙන් වූ ජනපති ගිලන් කාමරයේ සිට රාජකාරි කටයුතු කරන ආකාරය ඇතුළත් ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබේ.


මෙම ඡායාරූප නිකුත්කර තිබෙන්නේ ධවල මන්දිරය විසිනි.

වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේදී සිදුකරන ප්‍රතිකාරවලට ජනපතිවරයා හොඳින් ප්‍රතිචාර දක්වන බව ද මීට පෙර වාර්තා වී තිබිණි.

ජනපතිවරයාගේ විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන නේවි කොමදෝරු වෛද්‍ය ෂෝන් කොන්ලි පවසන්නේ ට්‍රම්ප් රෝග විනිශ්චයේ පටන් මේ දක්වා සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා ඇති බව‘ ය.

තවද ඊයේ දිනයේ ට්‍රම්ප් වීඩියෝවක් නිකුත් කළ පසුතලයේ සිට ද වැඩකටයුතුවල නියැළී සිටින ආකාරය තවත් ඡායාරූපයක දැක්වේ. එම වීඩියෝවේදී ඔහු පවසන්නේ, ‘මට දැන් හොඳ තත්වයක් දැනෙනවා‘ යනුවෙනි.

President Donald J. Trump works in his conference room at Walter Reed National Military Medical Center in Bethesda, Md. Saturday, Oct. 3, 2020, after testing positive for COVID-19.

මේ අතර ෆොක්ස් නිව්ස් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී මාක් මීඩෝව්ස් පැවසුවේ සිකුරාදා උදෑසන වන විට ට්‍රම්ප්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම විශාල වශයෙන් පහත වැටී තිබූ බවයි. ඒ අනුව ඔහු රෝහල්ගත කළ යුතු බවට ධවල මන්දිර වෛද්‍යවරුන් නිර්දේශ කළ බව ද මීඩෝව්ස් හෙළි කළේය.

මේ අතර ට්‍රම්ප්ගේ ශරීරාරක්ෂක භටයෙකු සේ කටයුතු කළ නික් ලූනා  ද කොවිඩ් පොසිටිව් තත්වයට පත්ව සිටින බව ධවල මන්දිරය අද දිනයේ වාර්තා කළේය.

ඇමරිකානු ජනපතිවරයාගේ තත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් තිබෙන බව සඳහන් වුණත්, ඇමරිකාවේ කොවිඩ් ඉරණම ට්‍රම්ප්ගේ තත්වයට වඩා බෙහෙවින් වෙනස් ය. මේ වන විට කොවිඩ් ආසාදිතයන් මිලියන 7 ක් ඇමරිකාවේ ජීවත් වන අතර, ලක්ෂ 2 ක් දෙනා මරණයට පත් ව තිබේ.

Main Imge: President Donald J. Trump works in the Presidential Suite at Walter Reed National Military Medical Center in Bethesda, Md. Saturday, Oct. 3, 2020, after testing positive for COVID-19.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි