×

Update: බයිඩන්, ‘දිනන පරතරය‘ වැඩි කර ගනියි – 248-214 ක් ලෙස ඉදිරියෙන්

මෙයට සුළු වේලාවකට පෙර විස්කොන්සින් ජනපදයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමත් සමග බයිඩන් තවදුරටත් ඉදිරියෙන් පසුවන්නේ 248-214 ක් වශයෙනි.


2016 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් විසින් ලබාගැනීමට සමත් වූයේ ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ඡන්ද 232 ක් පමණි. මේ අනුව මෙම ප්‍රමාණය බයිඩන් විසින් දැනටමත් ඉක්මවා ඇති අතර, එය ඩිමොක්‍රටික් පක්ෂයේ දැවැන්ත ජයග්‍රහණයක් සේ සැලකේ.

තවද බයිඩන් විසින් දැනටමත්, එදා හිලරි ක්ලින්ටන් පරාජය වූ අභියෝගාත්මක ජනපද වන නිව් හැම්ෂයර් සහ මිනසොටා ද දිනාගැනීමට සමත් විය. ඒ, ඓතිහාසිකව ඩිමොක්‍රටික් ජනපද වන නිව්යෝක් සහ කැලිෆෝනියා වැනි ජනපදවලට අමතරව ය.

කෙසේ වෙතත් මෙවර දැනට පවතින තත්වය අනුව ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි බහුතර බලය දිනාගැනීමට අවශ්‍ය 270 අතරින් බයිඩන් ට අවශ්‍ය වන්නේ තවත් ආසන 22 ක් පමණි.

මේ අනුව බයිඩන් ජයග්‍රහණය ලැබීමට තිබෙන ඉඩකඩ තවදුරටත් ඉහළ ගොස් තිබේ.

තවද ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට තිබෙන්නේ මිචිගන්, ජෝර්ජියා, උතුරු කැරොලිනා, නෙවඩා, පෙන්සිල්වේනියා සහ ඇලස්කා යන ජනපද 6 හි පමණි.

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි