×

Update: බෙලරුස් රාජ්‍යය රුසියාවේ සහායට

බෙලරුස් ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සිය හමුදා නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් කැඳවයි.


රුසියානු හමුදා අද උදෑසන යුක්රේනයට ඇතුළු වූයේ බෙලරුස් දේශසීමාව හරහා ය.

බෙලරුස් රාජ්‍යය සහ රුසියාව අතර කලෙක පටන් සමීප යුධමය සම්බන්ධතාවයක් පවතියි.

යුධමය ආක්‍රමණයට පෙර ද පුටින්, ලුකෂෙන්කෝ සමග යුක්රේනයේ තත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද උදෑසන පවත්වා ඇති බව වාර්තා වේ.

ලුකෂෙන්කෝ, ජාත්‍යන්තර මාධ්‍ය විසින් හඳුන්වන්නේ ‘බෙලරුස් හි ඒකාධිපතියා’ යනුවෙනි.

බෙලරුස් දේශසීමාව හරහා දිශා ගණනාවකින් රුසියානු හමුදා වාහන යුක්රේනය වෙතට ඇතුල් වී ඇති අතර, මේ වන විට යුක්රේනයේ කිව් අගනුවර ඇතුළු නගර ගණනාවකින් පිපිරීම් වාර්තා වෙමින් තිබේ.

නවතම තොරතුරු සඳහා රැඳී සිටින්න.

පෙර ලිපිය

‘සන්සුන්ව සිටින්න’ – යුක්රේන ජනපති ජනතාවට කියයි. පුටින් දුරකථනයට නොපැමිණෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි