×

Update: යුක්රේන ගුවන් යානය කඩාවැටුණේ ඉරාන මිසයිල ප්‍රහාරයකින් – කැනඩා අගමැති කියයි.

මීට සුළු මොහොතකට පෙර පැවැත්වුණු මාධ්‍ය හමුවකදී කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ ප්‍රකාශ කළේ ඉරානයේ ටෙහරොන් නුවර සිදුවූ යුක්රේන ගුවන් අනතුරට හේතුව, ඉරාන මිසයිල ප්‍රහාරයක් බවයි.


ඒ බව කැනේඩියානු බුද්ධි අංශ තොරතුරු සහ තවත් පාර්ශවයන්ගෙන් ලද දත්තවලින් පැහැදිලි වන බව ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙය ඉරානය විසින් චේතනාන්විතව එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නොවිය හැකි බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

Sky News

කැනඩා අගමැති ජස්ටින් ටෘෘඩෝ (Sky News)

මෙම ගුවන් යානා අනතුරින් එහි සිටි 176 දෙනාම මරණයට පත් වූ අතර, එයින් 63 දෙනෙක් කැනේඩියානුවන් ය. බ්‍රිතාන්‍ය ජාතිකයන් 3 දෙනෙක් ද මරණයට පත්වූහ. තවද යානයේ සිටි බහුතරය කැනඩාව බලා ගමන් ගැනීමට නියමිතව සිටි මගීන් බව ද වාර්තා වේ.

ගුවන් යානයේ එන්ජිමක් සුන්බුන් අතර

මළ සිරුරු මතින්

ගුවන් යානා අනතුරෙන් දිව අහිමි වූ බ්‍රිතාන්‍ය ජාතිකයන් තිදෙනා -Sky News

Sky News

Sky News

Sky News

Sky News

ඊයේ (09) දිනයේ ඇමරිකානු නිලධාරීන් ද ප්‍රකාශ කර තිබුණේ යුක්රේන ගුවන් යානා අනතුරට හේතුව මිසයිල ප්‍රහාරයක් බවයි.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ‘ඒක හිතල කරපු දෙයක් නොවෙන්න පුළුවන්‘ යැයි මිසයිල ප්‍රහාරය ගැන කියා තිබිණි.

මේ අතර, ඇමරිකානු චන්ද්‍රිකා පද්ධතිවලට, මෙම ගුවන් අනතුරට සුළු වේලාවකට පෙර ඉරානය විසින් මිසයිල ප්‍රහාර දෙකක් දියත් කළ බවට දත්ත ලැබී තිබේ. එම චන්ද්‍රිකා ඡායාරූපවල එයට සුළු වේලාවකට පසු පිපිරීමක් ද සටහන් වී තිබේ.

මේ අතර යුක්රේන ආරක්ෂක කවුන්සිලය පවසන්නේ ගුවන් යානා අනතුර සිදු වූ ආකාරය සම්බන්ධයෙන් තමන්ට උපකල්පන 4 ක් ඇති බවයි. යානය මිසයිල ප්‍රහාරයකට ලක් වීම ද ඒ අතර වේ.

මෙම යුක්රේන බලධාරීන් මේ වන විට ඉරානයට පැමිණ ඇති අතර, අනතුර සිදුවූ ක්ෂේත්‍රයට පිවිසීම සඳහා ඉරාන බලධාරීන්ගේ අවසරය ලැබෙන තෙක් බලා සිටිති.

කෙසේ නමුත් කැනඩා අගමැතිවරයා පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සේ විමර්ශනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.

අනතුරට පත් යානය වසර 3 ක් පමණක් පියාසර කර ඇති සාපේක්ෂව නව ගුවන් යානයක් බවත්, පියාසැරි ආරක්ෂාව තහවුරු කර ඇති යානයක් බවත් ස්කයි නිව්ස් වාර්තාවේ දැක්වේ. මේ අනුව මෙවැනි යානාවක් කඩාවැටීම කෙරෙහි බාහිර ප්‍රහාරයක් එල්ල වීම වැනි ප්‍රබල හේතුවක් තිබිය යුතුම බව ද පරීක්ෂකයෝ පෙන්වා දෙති.

මේ සිදුවීම විමර්ශනය කිරීමට පවතින ලොකුම බාධකය බවට පත්ව ඇත්තේ, ඉරාන බලධාරීන් විසින් අනතුරට පත් යානයේ කළු පෙට්ටිය ජාත්‍යන්තර බලධාරීන් වෙත භාරදීමට මැලි වීමයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි