×

Update 2: කාබුල් ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 60 ක් දක්වා ඉහළට: 12 ක් ඇමරිකානු සොල්දාදුවන්

කාබුල් ගුවන් තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 60 ට අධික බව තහවුරු වී ඇත.


ඒ අතරින් 12 දෙනෙකු ඇමරිකානු හමුදාවට අයත් බව වාර්තා වේ. ඒ, මැරීන් භටයන් 11 දෙනෙක් සහ වෛද්‍ය බලකායේ සොල්දාදුවෙක් ලෙස ය.

ද්විත්ව බෝම්බ ප්‍රහාරය අතරින් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ඒබේ දොරටුව අසල එක් බෝම්බයක් පුපුරා ගිය අතර එය ඇමරිකානු හමුදාව ස්ථානගත කර තිබූ තැනක් බව සඳහන්. එම ස්ථානය ඉලක්ක කරගෙනම මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැර ඇති බව මේ අනුව සනාථ වේ. දෙවන බෝම්බය පුපුරුවාගත් බැරන් හෝටලය පිහිටා තිබෙන්නේ ගුවන්තොටුපොළ ප්‍රධාන පරිශ්‍රයට යාබදව ය.

ප්‍රහාරයෙන් තුවාළ ලත් සංඛ්‍යාව 140කට අධික ය.

ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී 500 කට ආසන්න පිරිසක් ගුවන්තොටුපොළ තුළ ඉතිරිව සිටි අතර, සෙසු අය ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවූ පසුව ඉවත් කර තිබිණි.

මෙය, ISIS-K ත්‍රස්ත කල්ලියේ ප්‍රහාරයක් බවට දැඩි අනුමානයක් පවතියි. නමුත් මෙය තවමත් නිල වශයෙන් සනාථ කර නැත.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ, එල්ල වූ ‘ම්ලේච්ඡ‘ ප්‍රහාරය නොතකා, ජනතාව මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදුකරන බවයි.

මේ අතර, පෙන්ටගනය මෙම සිදුවීම පිළිබඳ ලුහුඬු සමාලෝචනයක් කරමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි