×

එක්සත් ජනපදය හා කැනඩාව සරණාගතයන් ප්‍රතික්ෂප කිරීමට ගිවිසුම්ගත වේ.

වසර ගණනාවක් තිස්සේ ඇණහිට තිබූ එක්සත් ජනපද-කැනඩා දේශසීමා ගිවිසුම ...


එක්සත් ජනපදය හා කැනඩාව විසින් නිල නොවන දේශසීමා හරස් මාර්ගවල සරණාගතයින් ප්‍රතික්ෂප කිරීම සඳහා ගිවිසුමකට එළඹ ඇති බව දෙරටෙහි බලධාරීහු පවසති.

වසර ගණනාවක් තිස්සේ ඇණහිට තිබූ එක්සත් ජනපද-කැනඩා දේශසීමා ගිවිසුම මෙවර ජනාධිපති ජෝ බයිඩන් හා අගමැති ටෘඩෝගේ සාකච්ඡා හරහා සුබ දායක තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වන විට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කැනඩාවේ ඔටාවා හි පැය 24 පුරාම ටෘඩෝ මහතා සමඟ ආර්ථික, වෙළඳ සහ සංක්‍රමණ ගැටලු පිළිබඳව සාකච්ඡා කරමින් ඇති අතර, මෙහිදී එක්සත් ජනපද-කැනඩා දේශසීමාවේ රොක්ස්හැම් පාරේ සංක්‍රමණිකයන් විශාල වශයෙන් හරස් මාර්ග තනාගෙන රටවල් දෙකට ප්‍රවේශ වීම ප්‍රධාන මාතෘකාවක් ලෙස සලකා බලමින් ඇති බව වාර්තා වේ.

මෙම ගිවිසුම මගින් දේශසීමාවේ දෙපස සිටින නිලධාරීන්ට එවැනි සරණාගතයින් දෙපසට ආපසු හරවා යැවීමට ඉඩ සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි