×

කෲර යුද්ධයෙන් අවතැන් වූ යුක්රේනයට සහාය දැක්වීමට එක්සත් ජනපදය සහ ප්‍රංශය ප්‍රතිඥා දේ.

මෙම යුද්ධය නිමා කිරීම වෙනුවෙන් මඟක් සොයන්නේ නම් තමා ඔහු සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද බයිඩන් මෙහිදී ප්‍රකාශ කර තිබිණි.


ඊයේ (01)දිනයේදී ධවල මන්දිරයේ දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ ප්‍රංශ සහකරු එමානුවෙල් මැක්‍රොන් අතර, යුක්රේනයේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැති අතර එහිදී ජනාධිපතිවරුන් රුසියාවේ අඛණ්ඩ ආක්‍රමණයට එරෙහිව යුක්රේනයට සහාය දැක්වීමට ප්‍රතිඥා ලබා දුන්බව සඳහන් වේ.


යුද්ධයෙන් විනාශ වූ රටේ සිවිල් වැසියන්ට සහ සිවිල් යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාරවලට රුසියාව වගකිව යුතු බවත්, යුක්රේනය විසින් ලේඛනගත කරන ලද සාහසික ක්‍රියා සහ යුද අපරාධ සම්බන්ධයෙන් රුසියාව වගකිව යුත් බවටත් මෙහිදී ජනාධිපතිවරුන් දෙදෙනාම අවධාරණය කර තිබිණි.

මෙහිදී ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ ප්‍රංශය සහ එක්සත් ජනපදය, සියලුම නේටෝ රටවල් සහ යුරෝපීය සංගමය සහ G7 සමග එක්ව, රුසියාවේ කුරිරු යුද්ධයට එරෙහිව වෙන කවරදාටත් වඩා ශක්තිමත්ව සිටින බවයි. එමෙන්ම රුසියානු ජනාධිපතිට මෙම යුද්ධය නිමා කිරීම වෙනුවෙන් මඟක් සොයන්නේ නම් තමා ඔහු සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද බයිඩන් මෙහිදී ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි