×

එක්සත් ජනපදය සහ දකුණු කොරියාව, උතුරු කොරියාවට එරෙහිව න්‍යෂ්ටික අවි ගිවිසුමකට එකඟ වේ.

උතුරු කොරියාවෙන් එල්ල වී ඇති න්‍යෂ්ටික තර්ජනය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම කනස්සල්ල මතුව ඇති අතර මේ වන විට දකුණු කොරියාව ඉලක්ක කර නව අවි උතුරු කොරියාව අත්හදා බලනවා පමණක් නොව එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට ළඟා විය හැකි දිගු දුර ආයුධ පිරිපහදු කරමින් ද සිටියි.


උතුරු කොරියානු න්‍යෂ්ටික තර්ජනයට මුහුණ දීම සඳහා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ගිවිසුම්ගතව ඇති බව වාර්තා වේ.

මෙම ගිවිසුමට අනුව එක්සත් ජනපදය විසින් සිය න්‍යෂ්ටික මෙහෙයුම් සඳහා දකුණු කොරියාව සම්බන්ධ කර ගැනීමට එකඟ වී ඇති අතර ඒ වෙනුවෙන් දකුණු කොරියාව න්‍යෂ්ටික නොවන රාජ්‍යයක් ලෙසත්, න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ විශ්වාසවන්ත උපදේශකයෙකු ලෙසත්, පවතින ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

මෙහිදී ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික තර්ජන පාලනය කිරීම සඳහා මිත්‍ර රටවල සහයෝගීතාව ශක්තිමත් කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත්, උතුරු කොරියාව නැවත සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව උත්සාහ කරන බවත්ය. මේවන විට එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයක නිරත වන දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් නව ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම ගිවිසුම එක්සත් ජනපදයේ පෙර නොවූ විරූ කැපවීමක් සනිටුහන් කරන බවයි.

නව ගිවිසුම යටතේ න්‍යෂ්ටික හැකියාව ඇති බෝම්බ හෙලන යානා ඇතුළු අනෙකුත් මූලෝපායික වත්කම් සමඟින් වසර 40කට පසු පළමු වතාවට න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීනයක් දකුණු කොරියාවට යවනු ඇති අතර න්‍යෂ්ටික සැලසුම් ගැටළු සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශවය විසින් න්‍යෂ්ටික උපදේශක කණ්ඩායමක් ද ගොඩ නැගීමටද දෙපාර්ශවය එකඟ වී ඇත.

උතුරු කොරියාවෙන් එල්ල වී ඇති න්‍යෂ්ටික තර්ජනය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම කනස්සල්ල මතුව ඇති අතර මේ වන විට දකුණු කොරියාව ඉලක්ක කර නව අවි උතුරු කොරියාව අත්හදා බලනවා පමණක් නොව එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට ළඟා විය හැකි දිගු දුර ආයුධ පිරිපහදු කරමින් ද සිටියි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි