×

ඇමරිකාව තුළ රස කැවූ ඊ-දුම්වැටි තහනම්!

වාෂ්ප ඉරීම නැතහොත් vaping, යෞවනයන් අතර ද ප්‍රචලිත වීම හා ව්‍යාප්ත වීම පිළිබඳ කනස්සල්ලට පත්ව ඇති එක්සත් ජනපදය ඊ-දුම්වැටි රස කිහිපයක් රට පුරා තහනම් කර තිබේ.


වාෂ්ප ඉරීම නැතහොත් vaping, යෞවනයන් අතර ද ප්‍රචලිත වීම හා ව්‍යාප්ත වීම පිළිබඳ කනස්සල්ලට පත්ව ඇති එක්සත් ජනපදය ඊ-දුම්වැටි රස කිහිපයක් රට පුරා තහනම් කර තිබේ.

ජුල් සමාගම විසින් විකුණන කාට්‍රිජ් මත පදනම් වූ පළතුරු හා මින්ට් රසැති ඊ-සිගරට් සඳහා මෙම තහනම අදාළ වේ. නමුත් මෙන්තෝල් සහ දුම්කොළ රසයන් මෙන්ම කාට්‍රිජ් මත පදනම් නොවූ වෙනත් ආකාර මත පදනම් වූ පලතුරු රසයන්ට තවදුරටත් අඛණ්ඩව ඉඩ දෙනු ඇත.

මෙම ක්‍රියාව වසරකට වැඩි කාලයක් තිස්සේ සලකා බලමින් සිටින අතර ප්‍රාන්ත කිහිපයක්ම සමාන නීති සම්මත කර ඇත.

විශාල ලෙස වාෂ්ප ඉරීම තහනම් කිරීම් ප්‍රකාශයට පත් කළ රටවල් දුසිම් ගණනකට දකුණු කොරියාව, ඉන්දියාව, බ්‍රසීලය අයත් වේ වේ. චීනය වැනි තවත් සමහර රටවල් සීමාවන් ප්‍රකාශයට පත් කර ඇත.

සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර් පැවසුවේ ඇමරිකානු පරිපාලනයට වැඩිහිටියන්ට සාම්ප්‍රදායික සිගරට් වෙනුවට විකල්පයක් ලබා දීමට අවශ්‍ය බවත් යෞවනයන් නව නිෂ්පාදනයන් කෙරෙහි ඇබ්බැහි වීම වැළැක්වීමත් සිදු කිරීමට අවශ්‍ය බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි