×

චීනයට එරෙහිව ඇමරිකාව තායිවානයට බලසම්පන්න ආයුධ විකුණයි

චීනය සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙයි


යුධ ටැංකි සහ මිසයිල ඇතුළු ආයුධ ගණනාවක් තායිවානය වෙත විකිණීම සදහා ඇමරිකානු ජනපතිගේ අනුමැතිය ලැබී ඇත. මීට පෙර තායිවානය විසින් ඇමරිකාව වෙතින් මෙම ආයුධ සදහා ඉල්ලීම් සිදු කර ඇත.

තායිවානයේ ජනපතිනිය ට්සියා ඉන්ග් වෙන් පවසන්නේ තමන් විසින් ඇමරිකාවෙන් මෙම ආයුධ සම්බන්ධව ඉල්ලුම් කළේ සිය රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සහ සිය මිලිටරි ශක්තිය වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාවෙන් බවයි. එමෙන්ම තායිවානයේ ආරක්ෂාව පිළිබද ඇමරිකා එක්සත් ජනපදයේ කැපවීම ලෝකයට ප්‍රදර්ශනය කිරීමද අරමුණු වූ බව ඇය පවසයි.


මේ පිළිබදව චීනය සිය විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර චීන ආරක්ෂක අමාත්‍ය වරයා පවසන්නේ තමන් සම්පූර්ණයෙන්ම ඇමරිකාව විසින් තායිවානයට ආයුධ වෙළදාම කිරීම සම්බන්ව විරුද්ධත්වය ප්‍රතාශ කරන බවයි. විකුණන් ලැබූ ආයුධ අතර 108 M1A2T Abrams වර්ගයේ යුධ ටැංකි වල පමණක් වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2කි. සිට්‍රින්ගර් මිසයිල 250ක් මෙම අවි තොගයට අයත් අතර ඒවාගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 223ක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි