×

ඉතාලිය බිලිගත් කොරෝනාව ඊළඟට හැරෙන්නේ ඇමරිකාව දෙසටද?

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවධානමක ඇමරිකාව පසුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවධානමක ඇමරිකාව පසුවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මේ වන විට රට තුළ පවත්නා තත්ත්වය පිළිබඳ විශ්ලේෂණයේදී එවැනි අවධානමක් පවතින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින තර මේ වන විට ආසාදිතයින් 52,976 වාර්තා වී තිබෙන බව සඳහන්. පුද්ගලයන් 704 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබෙන අතර එය නිව්යෝර්ක් නගරයේ 210ක් වොෂින්ටන් හි 123 සහ ලුසියානා හි 46ක් වශයෙන් දක්වා ඇත.

නිව්යෝර්ක් හි පමණක් ආසාදිතයින් 25,665 වාර්තා වී තිබේ.

චීනයෙන් පසු ඉතාලිය ඇතුළු යුරෝපය දෙසට හැරුණු කොවිඩ් 19 ඊළඟ තෝරාගනු ඇත්තේ ඇමරිකාව බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වන විට අනතුරු අඟවා තිබේ.

මේ වන විටත් ජනාධිපති ට්‍රම්ප් විසින් සිය රට ලොක්ඩවුන් කර තිබෙන අතර එය එළඹෙන අප්‍රේල් 12 පමණ වන විට සාධනීය තත්ත්වයකට පත්වනු ඇති බවට ඔහු විශ්වාසය පළකරයි.

කෙසේවෙතත් එක්සත් ජනපදයේ ජනගහණයෙන් හරි අඩකටත් වඩා වැඩි පිරිසකට නිවෙස තුළම රැඳී සිටින ලෙස නියෝග කර ඇත.

එරට වාර්තා අනුව අවම වශයෙන් ප්‍රාන්ත 15ක,නගර සභා 30ක මිලියන 166 කට වැඩි ජනගහණයක් එලෙස නිවෙස් තුළට කොටු කර ඇති බව සඳහන්. එය සමස්ථ ජනගහණයෙන් 51%ක පමණ ප්‍රමාණයක් බව දැක්වෙයි.

මෙම සතිය අවසන් වන විට තවත් අවම වශයෙන් ප්‍රාන්ත දෙකකටවත් කොරෝනා බලපෑම එල්ල වනු ඇති අතර නගර සභා පහක ජනතාවද නිවෙස් තුළට සිමා කරන නියෝගය බලාපොරොත්තුව හිඳියි.

සමස්ථයක් ලෙස ජනගහණයෙන් මිලියන 180කට පමණ කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වනු ඇති අතර එය ජනගහණයෙන් 55%ක් පමණ වන බවට දැනට නිරීක්ෂණය කර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් හේතුවෙන් ලොව සුප්‍රසිද්ධ ඇමරිකාව පුරා ව්‍යාප්තව තිබෙන වැෆල් හවුස් අවන්හල් ජාලයේ 365ක් ද මේ වන විට වසා දමා ඇත.

කොරෝනා ව්‍යාප්තිය නිසා ඇතිව තිබෙන සියලු බලපෑම් මැද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිබුණේ ඇමරිකානුවන් ඉතා ඉක්මණින් සුපුරුදු රිද්මයට පැමිණීම සම්බන්ධයෙන් තමන් මහතා උනන්දුවෙන් බලා සිටින බවයි.

ASK – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි