×

එක්සත් ජනපද හිම කුණාටුවෙන් 18 දෙනෙකු මිය යයි; ලක්ෂ ගණනකට විදුලිය අහිමි වේ.

එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය වාර්තා කර තිබුණේ, මෙම කුණාටුව ඉතිහාසයේ දරුණුම කුණාටුව බවයි.


එක්සත් ජනපදයේ මේ දිනවල හමා යන දැඩි ශීත කුණාටුව හේතුවෙන් මේ වන විට 18 දෙනෙකු මරණයට පත්ව ඇති අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලිය අහිමි වී ඇති බව වාර්තා වේ.


බෆලෝ, ඔහියෝ, මිසූරි, කැන්සාස්, කොලරාඩෝ ,කෙන්ටකි, ආදී ප්‍රදේශවලින් මිය ගිය බොහෝ දෙනෙකු අධික සීතල හේතුවෙන් ඇතිවූ තත්වයන් නිසා මිය ගොස් තිබේ. කුණාටුව මේ වන විට තෙවන දිනය පසු කරන අතර, කැනඩාව අසල මහා විල්වල සිට මෙක්සිකෝ මායිම දිගේ රියෝ ග්‍රෑන්ඩ් දක්වා විහිදේ.

වොෂින්ටන්, ඩීසී ඇතුළු රටේ සමහර ප්‍රදේශවල වාර්තාගත ලෙස උෂ්ණත්වය පහත වැටී ඇති අතර එම ප්‍රදේශවලට මෙවර ශීතලම නත්තල් සැන්දෑව ගෙන එළඹී ඇත.

කුණාටුව හේතුවෙන් රටපුරා විදුලි සම්ප්‍රේෂණ වලට දැඩි හානිසිදු වී තිබේ. Poweroutage.us වෙබ් අඩවියට අනුව ඊයේ(24)දිනය වන විට අවම වශයෙන් 300,000 නිවාස සහ ව්‍යාපාරවලට විදුලිය විසන්ධි වී ඇත.


එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය වාර්තා කර තිබුණේ, මෙම කුණාටුව ඉතිහාසයේ දරුණුම කුණාටුව බවයි. බෆලෝ නගරයේ තත්වය අතිශය තීරණාත්මකව ඇති අතර දැඩි හිමපතනය හේතුවෙන් සිය ගණනක් මිනිසුන් තවමත් ඔවුන්ගේ වාහනවල සිරවී සිටින බව වාර්තා වේ. ඔවුන් ගලවා ගැනීම වෙනුවෙන් ජාතික ආරක්ෂක බළකාය ක්‍රියාත්මක වෙමින් ඇත.


FlightAware වෙබ් අඩවියට අනුව අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ(24) දිනයේදී, එක්සත් ජනපදය ඇතුළත හෝ ඉන් පිටත ගුවන් ගමන් 3,411 ක් පමණ අවලංගු කර ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි