×

ඉරානය බැලැස්ටික් මිසයිල සූදානම් කරද්දී ඇමරිකානු බෝම්බ හෙලන ගුවන් යානා ඉන්දියානු සාගර කලාපයට

ACCA හෙවත් ප්‍රති යුදසේවා සැපයුම් සහයෝගීතා ගිවිසුමට අනුව ඇමරිකාවට අවශ්‍ය ඕනෑම මොහොතක අවශ්‍ය සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාව ගිවිසුමෙන් බැඳී සිටී.


ඉරාන-ඇමරිකානු අර්බුදය හේතුවෙන් මැද පෙරදිග මිනිත්තුවෙන් මිනිත්තුව උණුසුම් වෙමින් තිබේ.

ඉරානය මෙන්ම ඇමරිකාවද මේ වනවිට සිය යුදමය හැකියාවන් තර කරමින් සිටී.

ඉරානය දිගුදුර මිසයිල තාක්ෂණයෙන් සන්නද්ධ බවට වාර්තා පළවුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු හෙළි වි නොතිබිණි.

ඒ අනුව මේ වනතෙක් ඇමරිකාවට ක්ෂණිකව ප්‍රහාර එල්ල කළහැකි බැලැස්ටික් මිසයිල සතු රටවල් ලෙස හැඳින්වූයේ රුසියාව හා චීනය පමණි.

කෙසේ වෙතත් යුද යුද උණුසුම ඉහළ යාමත් සමග ඉරානය තමන් සතු බැලැස්ටික් මිසයිල සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර ඇති අතර ඒ අනුව ඔවුන් මිනිත්තු 07 ක කාලයක් තුළදී ඇමරිකානු ඉලක්ක වෙත මිසයිල ලක්ෂයක් පමණ මුදා හැරීමට තරම් සන්නද්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම මිසයිල මේ වනවිටත් මැද පෙරදිග පිහිටි ඇමරිකානු යුද කඳවුරු ඉලක්ක කර ගනිමින් ස්ථානගත කර තිබේ.

ඉරාකයේ පිහිටි ඇමරිකානු කඳවුරු දෙකකට මේ වනවිටත් ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වී තිබේ.

ඉරානයට මිසයිල තාක්ෂණය ලබා දී ඇත්තේ ඇමරිකාවේ අංක එකේ සතුරා වන උතුරු කොරියාව විසිනි.

මේ අතර ඇමරිකාාවට අයත් බෝම්බ හෙළන ගුවන් යානා 06 ක් පමණ මේ වනවිට ඉන්දියානු සාගරයේ ස්ථාපිත කර තිබේ. ඇමරිකාවට අයත් ඩියේ‍ගෝ ගර්ෂියා දූපත තුළයි.

ඩියෝගෝ ගර්ෂියා දූපත ශ්‍රී ලංකාවට නිරිතදිගින් කිලෝ මීටර් 1952 ක් ඈතට වන්නට ඉන්දියානු සාගර කලාපය තුළ පිහිටීමයි.

මෙම ගුවන් යානා භාවිතා කරන්නේ B-52 වර්ගයේ බෝම්බ හෙළීම සඳහායි.

මෙම දූපතේ සිට ක‍ි‍ලෝමීටර් 5000 ක දුරකින් ඉරානය පිහිටා ඇති අතර ඉරානයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඇමරිකාවට පහසුම ස්ථානය මෙම දූපතයි.

ඇමරිකාවේ මෙම යුදමය පියවර ශ්‍රී ලංකාවට බලපාන්නේ, 2007 වසරේදී ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කළ ACCA ගිවිසුම හේතුවෙනි.

ACCA හෙවත් ප්‍රති යුදසේවා සැපයුම් සහයෝගීතා ගිවිසුමට අනුව ඇමරිකාවට අවශ්‍ය ඕනෑම මොහොතක අවශ්‍ය සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාව ගිවිසුමෙන් බැඳී සිටී.

ඇමරිකාව සිය යුද ගුවන් යානා නැවැත්වීම සඳහා ඩියේගෝ ගර්ෂියාව තෝරා ගැනීමට ACCA ගිවිසුම ද ප්‍රධාන හේතුවකි.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි