×

හොංකොං අරගලය නිසා ඇමරිකානු – චීන වෙළඳ ගිවිසුම ඇණහිටී?

මීට පෙර අවස්ථා කිහිපයකදීම හොංකොං හි මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ ඇමරිකාව සිය සහයෝගය පළ කිරීම තුළ චීනය වියරු වැටී තිබූ අයුරු දක්නට ලැබිණි.


ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර එළඹීමට නියමිතව තිබූ වෙළඳ ගිවිසුම පසුගිය දින හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයට සහය පළකරමින් ඇමරිකාව සම්මත කර ගත් නීතිය හමුවේ ඇණ හිට ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඇක්සියෝස් නම් වෙබ් අඩවිය ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගේ වෙළඳ ගිවිසුම් වලට අදාල දූත කණ්ඩායම ට සමීප ආරංචිමාර්ග ඔස්සේ ලබාගත් තොරතුරු උපුටා දක්වමින් වාර්තා කර තිබුණේ චීන ජනපති ෂී ජින් පින්ග් මහතා ගේ දේශපාලන වේදිකාව එකී ඇමරිකානු නීති සම්පාදනය හමුවේ නොසන්සුන්තාවයට පත්ව ඇති බවත්, එම තත්ත්වය සමනය කිරීම සඳහා කාලය අවශ්‍ය බැවින් එකී වෙළඳ ගිවිසුම ඇණ හිට ඇති බවත් ය.

පසුගිය බ්‍රහස්පතින්දා දින චීන විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ හොංකොං අරගලයට මැදිහත් වී ඇමරිකා එක්සත් ජනපදය එම නගරයේ මානව හිමිකම් වලට අදාල නීති සම්පාදනය කිරීමට තැත් කිරීම බරපතල වරදක් බවත් එමඟින් චීන කටයුතු කෙරේ බලපෑම් එල්ල කළ බවත් ය.

මීට පෙර අවස්ථා කිහිපයකදීම හොංකොං හි මතුව ඇති දේශපාලන අස්ථාවරභාවය හමුවේ ඇමරිකාව සිය සහයෝගය පළ කිරීම තුළ චීනය වියරු වැටී තිබූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි