×

සෙලෙන්ස්කි වෙනුවෙන් බයිඩන්ට කිරි එරේ. ඩොලර් බිලියන තුනක් වටිනා නව පැකේජයක් යුක්රේනයට

ඇමරිකාව විසින් කියෙව් වෙත යවන ලද ඇමරිකානු ආරක්ෂක ආධාරවල විශාලතම මූල්‍ය දායකත්වය මෙය වන බව බයිඩන් ප්‍රකාශ කර තිබේ.


යුක්රේනය ආක්‍රමණය කර ගෙවුනු මාස හයක සංවත්සරයේදී රුසියව විසින් එල්ල කරන ලද ප්‍රහාර සම්බන්ධයෙන් තමන් දැඩි ප්‍රතිචාරයක් දක්වන බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි විසින් පසුගිය දා නිවේදනය කරන ලදි. මීට සමගාමීව ජෝ බයිඩන් විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඩොලර් බිලියන තුනක් වටිනා නව පැකේජයක් යුක්රේනය වෙත තමන් ලබා දීමට සූදානම් බවයි.

ඇමරිකාව විසින් කියෙව් වෙත යවන ලද ඇමරිකානු ආරක්ෂක ආධාරවල විශාලතම මූල්‍ය දායකත්වය මෙය වන බව බයිඩන් ප්‍රකාශ කර තිබේ. මෙම මුදල යුක්රේනයට ගුවන් ආරක්ෂක සහ කාලතුවක්කු පද්ධති සහ යුධෝපකරණ මෙන්ම රේඩාර් සහ අනෙකුත් දෘඩාංග ලබා ගැනීමට ඉඩ සලසන බව ඔහු වැඩිදුරටත් පවසයි.


මෙම වත්සරයේදී බයිඩන් සඳහන් කර තිබුණේ නිදහස වෙනුවෙන් යුක්රේනුවන්ගේ පවතින අසාමාන්‍ය කැපකිරීම, ධෛර්ය පුදුම සහගත බවත් එය ලෝකයට ආශ්වාදජනක බවත්ය. එමෙන්ම යුක්රේනය ශ්‍රේෂ්ඨ ස්වාධීන ජාතියක් ලෙස පවතිනු ඇති බවත් බයිඩන් මෙහිදී සඳහන් කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි