×

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

.


අද අලුයම වන විට ඇමරිකාව තුළ පමණක් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් සංඛ්‍යාව 104000 දක්වා ඉහළ ගොස් ඇති ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මේ අතර මෙම වසංගතය හේතුවෙන් මිය ගිය ඇමරිකානුවන් ගණන 1700කි.

ඒ කොරෝනා වසංගතය හේතුවෙන් සිදු වූ ගෝලීය මරණ සංඛ්‍යාව 27360ක් දක්වා ඉහළ ගොස් ඇති අවස්ථාවකය.
මේ අතර, ඉතාලිය, කොරෝනා වයිරසයෙන් මිය ගිය නව මරණ 919 ක් ප්‍රකාශයට පත් කළ අතර, පසුගිය වසරේ අග භාගයේ සිට වසංගතය පුපුරා යාම ආරම්භ වීමේ සිට පැය 24 ක් තුළ ඕනෑම රටක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වෙයි.

ඉතාලියේ COVID-19 හේතුවෙන් මියගිය මුළු සංඛ්‍යාව දැන් 9,134 ක් වන අතර රෝගීන් සංඛ්‍යාව 86,000 අභිබවා යමින් පවතී,

යුරෝපය තුළ කොවිඩ් වසංගත ව්‍යාප්තිය අවම මට්ටමකට පැමිණෙන් ඇතියි බලාපොරොත්තු වුවද එම බලාපොරොත්තු සුන් කරමින් ස්පාඤ්ඤයේ දිනකට නව මරණ 769කට ආසන්න සංඛ්‍යාවක් වාර්ථා කරළ අතර මිය ගිය මුළු සංඛ්‍යාව 5000 ඉක්මවිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි