×

ඇමරිකාවේ කොවිඩ් මරණ ගණන 50,000 ඉක්මවයි!

අද දිනයේදී ඇමරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් සිදුවූ මරණ ගණන 50,000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව මෙම ලිපිය පළ කරන අවස්ථාව වන විට කොවිඩ් මරණ ගණන 50,031 ක් ලෙස වාර්තා වේ.


මේ බව සනාථ කරන්නේ මේ වන විට දත්ත විද්‍යාගාරයක් බවට පත් ව ඇති ඇමරිකාවේ ජෝන් හොජ්කින්ස් සරසවිය විසිනි.

ඔවුන්ට අනුව අද උදෑසන වන විට ඇමරිකාවේ ලක්ෂ 9 කට ආසන්න පිරිසක් (870,468) කොවිඩ් ආසාදිතයන් බවට පත් ව සිටිති.

මිචිගන් ජනපදය අද දිනයේ ප්‍රකාශ කළේ මැයි 15 දා දක්වාම stay-at-home නියෝගය බලපවත්වන බවයි.

වොෂින්ටන් ඩීසී ඇතුළු ජනපද 40 ක් වර්තමාන අධ්‍යයන වර්ෂය සඳහා පාසල් නැවත විවෘත නොකිරීමට තීරණය කර ඇත.

කෙසේ නමුත් මේ වන විට ජෝර්ජියා වැනි ඇතැම් ජනපදවල නැවතත් ව්‍යාපාර ආරම්භ කර තිබේ. ඒ අනුව ශරීර සුවතාගාර, සැලෝන් යනාදිය ඇතුළත්ව ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට පියවර ගැනේ.

ෆ්ලොරිඩා ජනපදයේ ප්‍රසිද්ධ වෙරළ තීර ද නැවත විවෘත කිරීමට නියමිත ය.

ජාතික වනෝද්‍යාන ද නැවත විවෘත කළ යුතු බව ට්‍රම්ප් පැවසුවත්, එය සිදුකරන දිනයක් පිළිබඳ ඔහු තවම නිශ්චිත වශයෙන් පවසා නැත.

ඇමරිකානු සෙනෙට් සභාව ඩොලර් බිලියන 840 ක පැකේජයක් අද දින සම්මත කළේය. ඒ, කුඩා ව්‍යාපාර සහ රෝහල්වලට සහන සැලසීම සඳහා ය. මේ වන විට එය ජනපති ට්‍රම්ප්ගේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

Cover Photo: Al Jazeera



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි